ලංකාවේ වෙබ් අඩවි රැසකට හැකර් ප්‍රහාර
Friday, January 4, 2013මේ අනුව එම බ්‍රසීල හැකර් වරුන් විසින් එක්සෙල් වර්ල්ඩ් වෙබ් අඩවියට හා නොලිමිට් විලාසිතා ජාලයේ "ග්ලිට්ස්" වෙබ් අඩවියටද හැකර් පරාහරයක් එල්ලකොට තිබුනා.
එම වෙබ් අඩවි දෙක මේවනවිට දිස්වන ආකාරය බලන්න පහතින්
මේ අතර උතරු මැද පළාතේ රජයේ නිල වෙබ් අඩවිය හා එහි අතුරු වෙබ් අඩවි 22 ක් "BD ග්‍රේ හැට් හැකර්ස්" නම් කණ්ඩායමක් විසින් හැකර් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා. ඔවුන් හැකර් ප්‍රාරයෙන් පසුව ඒ පිළිබඳව ප්‍රකාශයක් නිකුත්කර තිබුනේ මෙලෙසින්
"ලංකාවේ "හැකර් වරයෙකු" කියාගන්නා පුද්ගලයෙක් අපිට අභියෝග කළා එයාලගේ රජයේ වෙබ් අඩවි වල ආරක්ෂාව ඉතා ඉහලයි හා ලඟාවිය නොහැකියි කියලා නමුත් අපි රජයේ වෙබ් අඩවි 22 ක් හැකර් ප්‍රහාරයක් එල්ලකරමින් ඔප්පු කලා කිසිම පද්ධතියක් අපිට සුරක්ෂිත වන්නේ නැහැ කියා, ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ රජයට මතක් කරන්න කැමතියි එයාලගේ වෙබ් අඩවි වල ආරක්ෂාව වැඩිකරගන්න කියලා".
බ්‍රසීල හැකර් කණ්ඩායම හා BD ග්‍රේ හැට් හැකර් කණ්ඩායම අතර සම්බන්ධයක් නොමැති අතර ඔවුන් ලංකාවේ වෙබ් අඩවි වෙත හැකර් ප්‍රහාර එල්ලකොට ඇත්තේ අහඹු හේතු මුල්කොට ගනිමිනි කෙසේ නමුත් මෙම ග්‍රේ හැට් හැකර් වරු විසින් ඉන්දියාවේ "ජූම්ලා" වෙබ් අඩවියටද (joomla.in) හැකර් ප්‍රහාරයක් එල්ලකොට තිබුනා.
ග්‍රේ හැට් හකර්වරු යනුවෙන් අදහස් වන්නේ වෙබ් අඩවි වල අනාරක්ෂිත ස්වභාවය පෙන්වීම සඳහා පමණක් සයිබර් ප්‍රහාර වල යෙදෙන හැකර් වරුන්ටය
ලංකාවේ වෙබ් අඩවි හැක් කිරීමෙන් අනතුරුව ග්‍රේ හැට් හැකර් වරු විසින් ප්‍රදර්ශනය කර තිබුනේ මෙවන් වැකියකි
කෙසේනමුත් දිගින් දිගට එල්ලවන හැකර් ප්‍රහාර වැලැක්වීම සඳහා කොළඹ ප්‍රදේශයේ ස්ථානයක අති නවීන තාක්ෂණික උපකරණ සහිත පරීක්ෂණාගාරයක් ස්ථාපිත කිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත.
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙම නව පරීක්ෂණාගාරය පිහිටුවා තිබෙන අතර සයිබර් අවකාශයේ වන නීති විරෝධී කටයුතු නිරීක්ෂණය සහ පරිගණක පද්ධති සඳහා එල්ලවන සයිබර් ප්‍රහාර සම්බන්ධව මෙම පරීක්ෂණාගාරය ඔස්සේ පියවර ගනු ඇත.