නුදුරු අනාගතයේ කොළඹ සිදුවන විප්ලවිය වෙනස්කම්
Saturday, January 12, 2013ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට නැවුම් අද්දැකීමක් එක්කරමින් කොළඹ අහස පීරා ඉහලට නැගෙන එකසොටික්,ක්‍රිෂ්,ශැන්ග්‍රීලා,වරාය ආශ්‍රිතව ඉදිවන සුවිසල් හෝටල් සහ නිවස ව්‍යාපෘති පිළිබඳ කලකට ඉහතදී මාධ්‍ය විසින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන්නා ඔබට මතක ඇති.
එහෙත් දිගුකලක් පවතී නිහැඬියාව හේතුකොටගෙන එයත් මැතිවරණය සමයේ රජය විසින් සොයාගත් ගැස් ව්‍යාපෘතිය (නිධිය) වැනිම තවත් මැතිවරණ වේදිකා මත ගොඩනැගෙන ව්‍යාපෘතියක් දැයි සොයාබැලීමට අප තීරණය කරන ලදී.
ක්‍රිෂ් ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය
ක්‍රිෂ් ව්‍යාපෘතියට සම්බන්ධ අභ්‍යන්තර ආරංචි මාර්ග අප වෙත විස්තරකර සිටියේ ඔවුන් තවම ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ අදියරේ පසුවන බවත් ගොඩනැගිලි සැලසුම් අනුමතවූ සැනින් ඉදිකිරීම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.මේ අනුව ඔවුන් ඉදිකිරීමට නියමිත ගොඩනැගිල්ල මීට පෙර මාධ්‍යට නිකුත්කල ආකෘතියට වඩා වෙනස් ස්වරුපයක් ගනු ඇත.
ජර්මනිය ,බෙල්ජියම ,ඔස්ට්‍රලියාව යන රටවල ගෘහ නිර්මාණ ශිල්පින් විසින් සැලසුම් කරන මෙය දැනට පහළොස්වරක් පූර්ණ වශයෙන් වෙනස්කර ඇත.මහල් 80 සහ 60 සහිත ගොඩනැගිලි හතරක් සහිත මෙම සුඛෝපභෝගී නිවස සංකීර්ණයන්හි ඉහලම මහලේ හෙලිකොප්ටර් අංගන,ගොල්ෆ් ක්‍රීඩාංගන,නාන තටාක ඇතුලු තවත් බොහොමයක් පහසුකම් අන්තර්ගත බව වාර්තාවේ.
කිසිඳු ඉදිකිරීමක් සිදුකර නොමැති වුවද නිවස ව්‍යාපෘතියේ නිවස වලින් 30% පමණ ප්‍රමාණයක් සඳහා දැනටමත් විදේශ ඇනවුම් ලැබී ඇතිබව වාර්තාවේ.
හෝටල් සහ සුඛෝපභෝගී නිවස වෙළඳපල නව ප්‍රවණතා
මේ දිනවල තවත් විදේශ ආයෝජකයන් කිහිපදෙනෙකුම හෝටල් සහ සුඛෝපභෝගී නිවස වෙළඳපල ආශ්‍රිත ආයෝජන කටයුතු කිරීමට සාධ්‍යතා අධ්‍යයන සිදුකරන අතර ලොව සුපතල ඉන්දීය සමාගමක් වන (දැනට එංගලන්තය පදනම් කරගෙන මෙහෙයුම් සිදුකරයි) ටාටා ව්‍යාපාරය ද මෙම වසර තුල ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවස වියාපෘතියක් ආරම්භ කිරීමට නියමිතය.විදේශ සමාගමක් නුදුරේදීම බොරැල්ල ප්‍රදේශයේ තවත් සුඛෝපභෝගී නිවස ව්‍යාපෘතියක ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරක් වන ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරද කොළඹ නගරය තුල තවත් හෝටල් සහ සුඛෝපභෝගී නිවස ව්‍යාපෘතියක් දැනටමත් ආරම්භ කරතිබේ.ඔවුන් සතුව සිනමන් සහ චායා නමින් හෝටල් ජාල දෙකක් පවතින අතර මෙවර ඔවුන් ඉන්දීය සහ චීන සංචාරකයන් ඉලක්කකර තරු තුනේ හෝටල් ජාලයක් නවතම සන්නම් නාමයක් යටතේඉදිරිපත් කිරීමට නියමිතය.
අවිස්සාවේල්ලේ ඉදිවෙන චන්ද්‍රිකා නගරය (Satellite City)
පරිඝනක තොරතුරු ආරක්ෂණය සහ අන්තර්ජාල යටිතල පහසුකම් ප්‍රවර්දනය අරමුණු කොටගෙන අතිනවීන පසසුකම් වලින් සමන්විත් තොරතුරු තාක්ෂණ නගරයක් අවිස්සාවේල්ල නගරය ආශ්‍රිතව ඉදිකිරීමට රජය සුදානම් වේ.මෙය දේශීය සහ විදේශීය රාජ්‍ය සහ පුද්ගලික ආයතන ඉලක්ක කොට සිදුකරන ව්‍යාපෘතියකි.මේම නගරය තුල පරිඝණක ජාලයන්හි උපස්ථ (Servers & Backups) ස්ථාන ගතකිරීමට අපේක්ෂා කරයි.
- ගොසිප් 9 විමර්ශන -