රිසානා ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන් ඇන ගනී

මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ පැතිර යන රිසානා නෆීක් ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී. 

නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය. 

ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි. 


එයට අමතරව වීඩියෝවෙ නම හා විස්තරය අරාබි භාෂාවෙන් ඇතත් එය Google Translate හරහා පරිවර්තනය කර ගත්තත් මෙය ඉන්දුනීසියානු කතකට අදාල එකක් බවට තහවුරු කරගන්නට තිබුණි.

මෙම ප‍්‍රවෘත්තිය දුටු රිසානාගේ මව හෝ පවුලේ අයගේ සිත් වේදනාව කොතෙක් දැයි ඔබට සිතාගත හැකිද?


වගකීමක් නැතිව කල මේ නින්දිත ප‍්‍රවෘත්ති විකාශය සම්බන්ධයෙන් ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්ද?

ඊයේ රාති‍්‍ර 9.30 විකාශය වූ ප‍්‍රවෘත්ති විකාශය තුළ එය විකාශය කල අන්දම 


එය ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවත් සඳහන් වන වීඩියෝව පහතින්.



Related Posts Plugin for WordPress, Blogger...