සූරියප්පෙරුමගේ බොරු අතේ මාට්ටු

ලංකාවේ උපදින දරුවන් අඟල් එකකින් උස යාමටත් රාත්තල් 25 කින් බර වදිවිමටත් පටන් ගෙන ඇති බවත් අලුත්ම සමීක්ෂණ වාර්තාවකින් හෙළිවී ඇති බව පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රී ජේ.ආර්.පී. සුරියප්පෙරුම සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා අප වාර්තා කළා.

නමුත් එම ප්‍රකාශය පදනම් විරහිත එකක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටි. සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය එවැනි කිසිදු සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවත් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ඔහු විසින් ගොඩ නගා ගත්තක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ පෝෂණ ඒකකය සඳහන් කර සිටි.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා අනුව මන්දපෝෂණයෙන් පෙලන දරුවන්ගේ සංඛ්‍යාව ඉහල යාම ගැන කතා නොකොට දේශපාලන අරමුණු උදෙසා රටේ ජනතාව නොමග යැවීමට ජේ. ආර්. පී සුරියප්පෙරුම කටයුතු කර ඇති බව පැහැදිලිය 


සුරියප්පෙරු මහතා එම ප්‍රකාශය සිදුකොට තිබුනේ මෙසේය.

"දැනටම ආණ්ඩුවට ඇවිල්ලා තියනවා වාර්තාවක්, ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්, රාත්තල් 25කින් බර වැඩිවෙලා."

එහි වීඩියෝව බලන්න පහතින් 



-සම්බන්ධිත පුවත්-
ආර්ථිකය දියුණු වෙලා ලංකාවේ ළමයි අඟල් 2කින් උස ගිහින්- සූරියප්පෙරුම
සූරියප්පෙරුමට තුනපහ අමතක වෙයි
දේහ ලක්ෂණ වලින් රාජසිංහ රජුගේ දැයි කියන හැටි
ත්‍රීවීල් වෙනුවට හෙලිකොප්ටර් එන යුගය ඈතක නෙවෙයි
සූරියප්පෙරුමගේ කතා විලාශය දෝෂ දර්ශණයට
ජනාධිපති වෙන්නනම් ළමයෙක් හදන්න ඕන - සූරියප්පෙරුම

Related Posts Plugin for WordPress, Blogger...