වසර බිලියන 2ක් පැරණි සහරා උල්කාව හා ජලයේ පාවෙන අරලගංවිල උල්කාව
Tuesday, January 8, 2013
අරලගංවිල කුඩාවැව වෙල්යායකට පසුගිය 30 වනදා පතිත වූ උල්කාපාතයක් පිළිබඳ මීට දිනකට පෙර අප ඔබට විස්තර ගෙන ආවා.එම උල්කාපාත කොටස් නිවෙසට රැගෙන ගිය ගොවියාගේ අත පිච්චී ඇති අතර එම කොටස්වල සුවඳ බැලූ ගොවියාගේ බිරිය සිහිසුන්ව ඇද වැටී ඇත.
ලංකාවේ විශ්වවිද්‍යාල අතරින් භූගර්භ විද්‍යා පර්යේෂණ කටයුතු කරන්නේ පේරාදෙණියේ පමණි. මෙය උල්කාපාත කොටස් ද නැත්නම් වෙනත් දෙයක් ද කියන එක පිළිබඳ තව දවස් තුන හතරකින් පැවසිය හැකි යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යාඥ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා පවසනවා.
මූලික පරීක්‍ෂණ නිමා කර ඇති අතර දැනට කෙරෙන්නේ රසායනාගාර කටයුතු බවයි ඔහු පවසන්නේ
"අප මේ පිළිබඳව පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළා. උල්කාපාත කියන ද්‍රව්‍ය ජලයේ පාවෙන්නේ නැහැ. නමුත් කුඩාවැව වෙල්යායකට වැටුණු ද්‍රව්‍ය උල්කාපාත කොටස් යෑයි විශ්වාස කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නැති බවයි පෙනෙන්නේ. එම කොටස් ජලයේ පාවෙනවා. උල්කාපාතයක් වැටුණු පසු සංසිද්ධි දෙකක් ඇතිවනවා. කැඩී විනාශවීම හා අධික උෂ්ණත්වය නිසා බිමත් විපරීතකරණය වීමයි.
මෙම උල්කාපාත කොටස් පිළිබඳ ජර්මනියේ විදේශ පර්යේෂණ ආයතනයක් සමගත් අප කතා කර තිබෙනවා. ඒ පිළිබඳ කෙරෙන පරීක්‍ෂණ කටයුතු සඳහා සහාය වන්නට එම ආයතනයත් එකඟවී තිබෙනවා. උල්කාපාත වායුගෝලයට එක්‌වන විට අධික උෂ්ණත්වය නිසා පිළිස්‌සී යනවා. ඒ නිසා පොළවට වැටෙන්නේ අළු වශයෙන්.
කෙසේ වෙතත් අරලගංවිලට වැටුණු මෙම කොටස් උල්කාපාතම ද එසේත් නැත්නම් වෙනත් ග්‍රහලෝක වලින් වැටුණු පාෂාණ ද යන්න පිළිබඳ දැනට සිදු කරන පරීක්‍ෂණ නිමා වූ පසු එනම් දින තුන හතරකින් පමණ ප්‍රකාශ කිරීමට හැකිවෙතැයි අපේක්‍ෂා කරනවා."
වසර බිලියන 2ක් පැරණි සහරා කාන්තාරට වැටුණු උල්කාව
වසර බිලියන 2ක් පමණ පරණ උල්කාපාත කොටසක් සහරා කාන්තාරයෙන් සොයාගන තිබෙනවා.එය හැඳින්වෙන්නේ NWA 7034 හෙවත් "බ්ලැක් බියුටි" යන නමින්.
පෘතුවියට වැටෙන බොහෝ උල්කාපාත පෘතුවියට වැටෙන්නේ අපගේ සෞරග්‍රහමණ්ඩලයේ ඇති උල්කාපාත වලල්ලේ ඇති ඒවාය. නමුත් කලාතුරකින් අඟහරුගේ හා චන්ද්‍රයාගේ කුඩා කොටස්ද උල්කාෂ්ම ලෙස මෙලෙස පෘතුවියට වැටේ
ඉහත හමුවූ ඇති උල්කාෂ්මය අඟහරු ග්‍රහයාගේ සිදුවූ ගිණිකදු පිපිරීමක් නිසා සෑදී ඇති මෙම කැබැල්ල ලොව දෙවන පැරණිම අඟහරු උල්කාෂ්මයයි.
2011 දී සොයාගත මෙහි පරීක්ෂණ කටයුතු අවසන් වී තිබෙන්නේ පසුගියදාය.
මෙහි ඇති විශේෂත්වය නම් පෘථිවියෙන් හමුවූ අනිකුත් අඟහරු උල්කාෂ්ම වලට වඩා ඔක්සිජන් සහ ජලය සහිත එකක් වීමයි. අඟහරුගේ ග‍්‍රාහක 110 ක් පමණ මේ වනවිට පෘතුවියෙන් සොයාගන ඇති අතර ඒවා බොහොමයක් හමුවී තිබෙන්නේ ඇන්ටාටිකාවෙන් හා සහරා කාන්තාරයෙනි.
ඒ අතරින් පැරණිම උල්කාෂ්මය බිලියන 4.5 ක් පැරණිය. වසර බිලියන 1.3ක් පමණ පැරණි උල්කාෂ්මයක්ද වේ. අනෙක් ඒවා වසර මිලියන 600ට වඩා අලුත් ඒවාය.
මෙම පාෂාණය ස්කෑන් කළ විට පෙනෙන අන්දම
අන්වීක්ෂයකින් බැලූ විට පෙනෙන එකිනෙකට වෙනස් අංශු
1911 දී ඊජිප්තුවෙන් සොයාගන්නා ලද අඟහරුගේ තවත් උල්කා කොටසක්
කියුරියෝසිටි යානය මඟින් ජායාරූප ගත කළ අඟහරු මත වූ පාෂාණ කොටස්
-සම්බන්ධිත පුවත්-
1. උල්කාපාත 6ක් වැටෙන විට රතු කහ වැසි වලින් පසු කොල වැසිත් වැටේ
2. ලංකාවට වැටුනු උල්කාපාත
3. පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
4. මාතලේට වැටුන උල්කාපාත කොටස්
5. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
6. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
7. දින 2කට පෙර හඳුනාගත් විශාල ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා
8. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
9. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
10. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)