වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මත වෙයි - මර්වින් ඉල්ලා අස්වෙයි
Friday, January 11, 2013
දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි
කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය.
ඒ දෝෂාභියෝගය සඳහා පක්ෂව සංවිධානය කල උද්ඝ්ෂණයට මර්වින්ගේ සහය ලබාගැනීමට මෙන්ම වෙනත් කරුණු කිහිපයක් උඩය.
ඒ අනුව ඒ සියල්ල ඉටුවීමෙන් අනතුරුව දෝෂාභියෝගය වැඩි ජන්ද 106 කින් සම්මත වී මොහොතක් යාමට පෙර මර්වින් සිල්වා විසින් කැලණිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට ලබාදී ඇති අතර ජනපති එය බාරගෙන තිබේ.
නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මර්වින් සිල්වා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්තාව මෙය නොවන බවත් ඒ සෑම අවස්තාවකම ඔහු නැවතත් සංවිධායක ධුරයට පත්වූ බවත්ය
____________________________________________________________________________
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ විවාදය දින දෙකක් පැවති අතර අද එය අවසන් වූයේ ජන්ද විමසීමකිනි.
අකාරාදි පිළිවෙල අනුව නම් වශයෙන් ආරම්භ වූ එම ඡන්ද විමසීම එමීට ස්වල්ප මොහොතකට පෙර අවසාන වුනා.
ඒ අනුව වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මතවී තිබෙනවා.
යෝජනාවට පක්‍ෂව ඡන්ද 155ක් සහ විපක්‍ෂව ඡන්ද 49ක් ලැබුණු අතර මන්ත‍්‍රීවරුන් 20 ඡන්දය දීමෙන් වැලකී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අද විවාදය සඳහා පැමිණ සිටියේ නැත.
ඡන්ද විමසීමෙන් ලැබුණු ප්‍රතිඵලය අවසන් වශයෙන් කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට යෙමු කිරීමට නියමිතය
-සම්බන්ධිත පුවත්-
අගවිනිසුරුවරිය චෝදනා 3කට වරදකරු කරයි
කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය.
ඒ දෝෂාභියෝගය සඳහා පක්ෂව සංවිධානය කල උද්ඝ්ෂණයට මර්වින්ගේ සහය ලබාගැනීමට මෙන්ම වෙනත් කරුණු කිහිපයක් උඩය.
ඒ අනුව ඒ සියල්ල ඉටුවීමෙන් අනතුරුව දෝෂාභියෝගය වැඩි ජන්ද 106 කින් සම්මත වී මොහොතක් යාමට පෙර මර්වින් සිල්වා විසින් කැලණිය සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට ලබාදී ඇති අතර ජනපති එය බාරගෙන තිබේ.
නමුත් අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මර්වින් සිල්වා සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම අවස්තාව මෙය නොවන බවත් ඒ සෑම අවස්තාවකම ඔහු නැවතත් සංවිධායක ධුරයට පත්වූ බවත්ය
____________________________________________________________________________
අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ විවාදය දින දෙකක් පැවති අතර අද එය අවසන් වූයේ ජන්ද විමසීමකිනි.අකාරාදි පිළිවෙල අනුව නම් වශයෙන් ආරම්භ වූ එම ඡන්ද විමසීම එමීට ස්වල්ප මොහොතකට පෙර අවසාන වුනා.