FM නාලිකාවේ බොරු ඇමතුම නිසා මියගිය ජසින්තා

FM නාලිකා විසින් ව්‍යාජ ඇමතුම් ගෙන ජනතාව ගොනාට අන්දවා ඒවා රටටම ඇසෙන සේ ප්‍රචාරය කරන අවස්ථා ලංකාවේද ඇත.

මේ ආකාරයට කේට් කුමරියගේ සෞඛ්‍ය තත්ත්වය විමසමින් ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි ශිල්පීන් දෙදෙනකු ගත් විහිළු දුරකතන ඇමැතුමක් නිසා රාජකීය රෝහලේ හෙදියක දිවි නසාගත් කනගාටුදායක පුවතක් පසුගියදා වාර්තා විය.

මේ ගැන කේට් කුමරිය පසුගියදා සිය කනගාටුව ප්‍රකාශ කළාය.


මේ ආකාරයට දිවි නසාගෙන ඇත්තේ එම රෝහලේ සේවය කළ ජසින්තා සල්දනා නමැති ඉන්දීය සම්භවයක් ඇති හෙදියකි.

මෙල් ගේ‍රග් සහ මයිකල් ක්‍රිස්ටියන් නමැති ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලි ශිල්පීන් දෙදෙනා බකිංහැම් මාලිගාවෙන් ලබාදුන් ඇමැතුමක් ලෙස හැඟෙන පරිදි කේට් කුමරියගේ සැප දුක විමැසීමට රෝහලට කතා කළේය.

මේ අවස්ථාවේ දුරකතනයට පිළිතුරු ලබාදී ඇත්තේ ඉහත ඉන්දීය ජාතික හෙදියයි. සෑම රටකම ගුවන් විදුලි ආයතන මේ ආකාරයේ ව්‍යාජ ඇමැතුම් ලබාගෙන එයට පිළිතුරු දෙන අය ගොනාට අන්දවා විවිධ විකට කතා පටිගත කරන බව ක්‍රිස්ටියන් කීවේය.

රාජකීය දරුවාට එරෙහිව කිසියම් හූනියමක් කොට ඇද්දැයි මේ අය විමසූ විට තමාට එවැන්නක් සිතෙන බවට ඇය පිළිතුරු දී තිබේ.

මේ ඇමැතුමට දින කිහිපයකින් අනතුරුව ජසින්තා මිය ගොස් සිටි අතර ඇය සියදිවි නසාගෙන ඇතැයි සැක කෙරේ. ඇගේ මරණයට තම ඇමැතුම දායක වී දැයි ගුවන්විදුලි නිවේදකයෝ දෙදෙනා ඉමහත් සන්තාපයට පත්ව සිටිති.

මේ මරණය ගැන පරීක්ෂණයක් අරඹා තිබේ. ඇය එෆ් එම නාලිකාවට කතා කල දෙබස පහත වීඩියෝවෙහි ඇත



ඇගේ ගම වන ඉන්දියාවේ බැන්ගලෝර් ප්‍රදේශයේදී ඊයේ මෙම එෆෙම් නාලිකාවට විරුද්ධව ජනතාව විරෝධය දැක්වූ ජායාරූප පහතින්.






FM DJ නිවේදිකාව Mel Greig





Related Posts Plugin for WordPress, Blogger...