නිකගොඩ හඳහන්දෙණිය දොළ රතු වෙයි
Tuesday, December 11, 2012
අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළෙහි ජලය දැන් දින 5ක පටන් රතු පැහැයට හරි ඇති බව වාර්තා වේ. ගම්වාසින් විසින් මෙම දොළෙහි ආරම්භක දිය බුබුල වෙත ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව වතුර බුබුලෙන්ද වතුර උනනන්නේ මෙම පැහැයෙන් බවට තහවුරු වී ඇති බවට ගොසිප්9 කල විමසීමකදී දැනගැනීමට ලැබුණි.
අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් මෙම දොළෙහි වතුර සාම්පල් ගෙන පරීකෂා කිරීමට කටයුතු යොදා ඇති අතර එතෙක් එහි මිනිසුන්ට දිය නෑම තහනම්කොට ඇත.
මෙම දොළෙහි වතුර රතු පැහැයක් ගන්නේ එය දොළෙහි එක්රැස්වී පවතින අවස්ථාවේ වන අතර ඒවා බෝතලයකට ගෙන බැලු විට දිස්වන්නේ පෙට්‍රල් පැහැයෙනි.
වතුරෙහි පැහැය වෙනස් වීම දොළෙහි සිටිනා මාළුන්ට හා වෙනත් කිසිදු ජීවියෙකුට මෙතක් බලපෑ නොමැත. වතුර රතු පැහැ වීම ගැන සලකා බලන කල එය වඩාත් ආන්දෝලනාත්මක වන්නේ ලංකාවට රතු වැසි කිහිපයක්ම ඇද වැටුණු කාල පරිච්චේදයක් තුල මෙවන් සිදුවීමක් සිදුවීම නිසාය.
මෙයට පෙර ඉන්දියාවේ කේරලයේ ප්‍රාන්ත වලට 2001 , 2008, 2012 වසර වලදී රතු වැසි වැටි තිබුනත් ලංකාවට වැටුණු රතු වැස්ස කෙරලේ රතු වැස්සෙන් සම්පුර්ණ වෙනස් එකක් බවට දැනට සිදු කල පරීක්ෂණ වලින් තහවුරු කරගෙන තිබේ .
ලංකාවේ හටගත් රතු වැස්සට හේතුව උල්කාපාතයක හෝ වල්ගා තරු කඩා වැටීමේ ප්‍රතිඵලයක් විය හැකි බවත් මිහිතලය මත ජීවීන්ගේ ආරම්භය විශ්වයේ තවත් කොතැනක සිට පැමිණි ජීවයකින් ආරම්භ වූ බව මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන්ගේ මතයයි.
වීඩියෝ දර්ශන හා තොරතුරු සැපයුවේ : තිලිණ ලියනආරච්චි
