ලෝක විනාසයට පෙර ජුලියා ගිලාඩ් ජාතිය අමතයි!
Friday, December 7, 2012ලෝක විනාශයට පෙර රට වැසියන් අමතන බව හැඟෙන එම වීඩියෝවේ ඇය පවසන්නේ මායාවරුන්ගේ දින දර්ශනයේ පෙන්වන ලෙස ලෝක විනාශය ලඟ එන දෙසැම්බර් 21 වන දින අනිවාර්යයෙන්ම සිදු වන බවයි.
එම වීඩියෝ පටයෙන් ඇය පවසන්නේ මෙවැන්නක්.
"මගේ ආදරණීය ඔස්ට්‍රේලියානු වැසියනි! ලෝකයේ අවසානය අත ලඟයි."
"මායාවරුන්ගේ දින දර්ශණය නිවැරදි වීමට යනවා"
"ඉතා බිහිසුණු මිනී මස් කන තිරිසනුන් විසින් අවසන් ප්‍රහාරය සිදු කරනවා. නමුත් එය කාබන් වැඩිවීම නිසා සිදුවන්නක් නෙවෙයි. ඔබ සැමට සුභ පැතුම් !"
මෙම වීඩියෝවෙහි හඬ සමඟ ජූලියා ගිලාඩ් ගේ කට වෙනස්වන ආකාරය සමානය. මෙය සැබෑවටම ඕස්ට්‍රේලියානු අගමැතිනිය පැවසූවක්ද? නැත. මෙය Triple J රේඩියෝ නාලිකාව මඟින් අද දිනයේ උදෑසන විකාශය වීමට නියමිත විකට වැඩසටහනක පූර්ව ප්‍රචාරයකි.
එම වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
ජුලියා ගිලර්ඩ් නැවතත් ඇද වැටෙයි
ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?
