තිලිණි ක්‍රීඩා ඇමතිගෙන් කප්පම් ඉල්ලයි

දක්ෂ බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් වන තිලිණි ජයසිංහ බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඇය බැඩ්මින්ටන් ක්‍රීඩාව නියෝජනය කරමින් අවස්ථා දෙකකදී ඔලිම්පික් ක්‍රීඩා උළෙලවල් නියෝජනය කර තිබෙන අතර ක්‍රීඩාවෙන් සමුගැනීම පිලිබඳ ඇය ලිඛිතව ක්‍රීඩා අමාත්‍යවරයාට දන්වා ඇත.

එම ලිපිය ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයෙකු සමුගැනීමට ප්‍රථම වරප්‍රසාද ඉල්ලු ලිපියක් ලෙස ඉතිහාසයට එක්වනු ඇත්තේ තිලිනි විසින් වරප්‍රසාද ගණනාවක් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීම හේතුවෙනි.

දක්ෂ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ක්‍රීඩාවෙන් සමුගැනීමේදී ඔවුන්ගේ දැක්වූ දක්ෂතාවය පදනම් කොටගෙන ක්‍රීඩා අමාත්‍යංශය මගින් ඔහුට හෝ ඇයට යම්කිසි වරප්‍රසාද ලබාදීමක් සිදු කරනු ලබයි.

කෙසේ නමුත් ඇය සඳහන්කොට ඇත්තේ තමාට හිමි වරප්‍රසාද ලැබුණු පසු පමණක් ක්‍රීඩාවෙන් සමුගන්න බවයි.


ඒ අනුව ඇයගේ ඉල්ලීම් වලින් ඉල්ලීම් තුනක් ලබාදීමට එකඟ වී ඇති අතර ඒ අතර නාරාහේන්පිට ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීම, රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් සහ වාහන බලපත්‍රයක් වනවා.


Related Posts Plugin for WordPress, Blogger...