ගල්ගමුවෙන් හමුවූ බෝදිලිමා
Monday, November 19, 2012
"කරමල් බෝදිලිමා" නමින් හැඳින්වෙන කටුස්සෙකු ඊයේ ගල්ගමුවේ ගිරිබාව ප්‍රදේශයේදී දැක ගත හැකිවී තිබුනා. පාර මාරුවන්නට ආ මේ "කරමල් බෝදිලිමා" අල්ලා ගත් ගැමියෝ එම ස්ථානයේ පිහිටි සායනයට ආ මහජන සෞඛ්‍ය නිලධාරීන්ටද පෙන්වූ අතර පසුව කැලයට මුදා හැර තිබුනා. එම අවස්ථාවේ ගත් ජායාරූප එකතුවක් පහතින්.

දරුවෙක් ලැබෙන්නට ගිය ගැහැණියක් පිරිමින් සමඟ වෛරයකින් මියගොස් යක්ශණියක්ව ලෙස ඉපදී පිරිමින්ගෙන් පලි ගන්නා බවට ගැමියන් විශ්වාස කරන අතර බෝදිලිමා යනු අවතාරයක් බවත් ඌට වෙඩි තැබුවොත් දැකිය හැක්‌කේ කටුස්‌සෙකු බවත් ගැමියන්ගේ විශ්වාසයයි.

ජායාරූප ස්තූතිය: සංජීව රත්නායක