ශ්‍රියන්ත මෙන්ඩිස් දේශපාලනයට ආවොත් පාර්ලිමේන්තු වරම්
Thursday, November 29, 2012
විද්‍යා ගුරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ හස්ත රේඛා විග්‍රහය අනුව ඔහු දේශපාලනය කලොත් පාර්ලිමේන්තුවට තේරී පත්වීම ඒකාන්ත බව වාර්තා වෙනවා.ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ රවී නීච වීම දේශපාලනයට සුදුසු බවත් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම පිළිබඳව ඔහු යමක් ප්‍රකාශ නොකලත් පක්ෂ විපක්ෂකාගෙනුත් ඔහුට ආරාධනා ලැබෙන බවත් පැවසේ.
පහත සඳහන් ඔහුගේ අල්ලේ A.A සලකුණෙන් පෙන්වා ඇත්තේ සූර්ය හෙවත් රවී රේඛාව බවත් මෙය ඔහුගේ අල්ලේ වඩාත් කැපී පෙනෙන රේඛාව වන බවත් පැවසේ.
හස්ත රේඛා විද්යාවට අනුව මැති ඇමති තනතුරු පත්වීම්, සමාජ සේවා වැනි කටයුතුවලට බලපාන්නේ මෙම රේඛාවයි. මේ නිසා ඔහුට දේශපාලනය හොඳ බවත් බැරිවෙලාවත් ඔහු මැතිවරණයකට ඉදිරිපත්වුවහොත් ඔහුට පාර්ලිමේන්තුව දක්වා ගමන් කළ හැකි බවත් දැක්වේ.2014.11.03 දින ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ සෙනසුරුගේ යෙදෙන ඒරාෂ්ඨකය උදාවේ.
-ජෝතිෂවේදී නන්දදාස වීරසිංහගේ ලිපියක් ඇසුරෙනි-
