බලපත්‍ර වලින් ගෙන්වූ වාහන පැවරීමේ තහනම ඉවත් කරයි
Friday, November 16, 2012
සාමාන්‍ය ජනතාව භාවිතා කරන වාහන වල බදු අහස උසට නැංවීම නිසා පසුගිය කාලයේම ලංකාවට ගෙන්වූයේ බලපත්‍ර සඳහා වන වාහනයි.දේශපාලකයන් හට ලබා දී ඇති වාහන බලපත්‍ර වලින් පසුගිය සැප්තැම්බර් මාසයේ හම්බන්තොට වරායට ආ නැවක ගොඩ බැස්වු වාහන 525 ක් අතුරින් වාහන 312 ක් තිබුනේ අධි සුඛෝපභෝගි වාහන බව මීට පෙර අප ඔබට හෙළි කර සිටියා.
දේශපාලකයන්ට ලබාදුන් බලපත්‍ර විකිණීම නිතියෙන් තහනම් වුවත් මෙතෙක් කල් ඔවුන් ලක්ෂ ගනන්වලට බිය සැක නොමැතිව එම බලපත්‍ර විකුනා දැමුයේ ඔවුන්ගේ දේශපාලන බලය උපයෝගි කරමිනි.
නමුත් වාහන බලපත්‍ර වෙනත් කෙනෙකුට වසර 3ක් යනතුරු පැවරිය නොහැකිය යනුවෙන් පනවා තිබු තහනම අද සිට බලපැවැත්වෙන පරිදි හදිසියේම ඉවත් කර තිබෙනවා.
ඒ අනුව තමන්ගේ බලපත්‍රයට ගෙන්වන වාහනයක් වෙනත් කෙනෙකුට විකුණා දැමීමට ඔවුනට නීතියෙන් අවසරය ලබාදී තිබෙනවා.
මෙම තහනම ඉවත් කිරීම මීට පෙර බලපැවැත්වු වාහන හිමියන්ට ද වලංගු වන බවයි රේගුව පවසන්නේ.
-සම්බන්ධිත පුවත්-
1. 2013 අය වැයෙන් වාහන මිල තවත් වැඩිවේ
2. බදු වැඩිකීරිම නිසා විකිණීම අඩාලවීමෙන් ගෙන්වූ වාහන ආපසු පටවයි
3. ලංකාවේ වාහන ආනයනකරුවෝ මියන්මාර් යයි
4. වාහන වල බදු ඉදිරි අයවැයේදී අඩු වන්නේ නැහැ
5. හම්බන්තොටට ගොඩබෑ දේශපාලඥයින්ගේ අධි සුඛෝපභෝගි වාහන නැව
6. මෝටර් රථ ලියාපදිංචිය 66%කින් බසියි
7. වාහන මිල ඉහල යන්නේ මෙහෙමයි
8. වාහන බදු අද රාත්‍රී සිට ඉහලට
