ගොවීන්ට විදේශ පුහුණුවක්
Friday, November 23, 2012
ගොවීන්ට විදේශ පුහුණුවක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සුදානම් වෙයි. මේ අනුව සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගොවීන් දස දෙනකු හා පහළ මට්ටමේ නිලධාරීන් දෙදෙනකු බැගින් තෝරාගැනේ.
අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන්ට පමණක් සීමා වී තිබු විදේශ සංචාර හා පුහුණුව ගොවීන්ට ද ඒ සඳහා අවස්ථාව ලබා දීම මෙහි අරමුණ බවයි කෘෂිකර්ම ඇමැතිවරයා පවසන්නේ.
ඒ අනුව 2012 වර්ෂයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ලොකු ලූනු වගා කරන ගොවීන් දස දෙනෙකු සමඟ පහළ මට්ටමේ නිලධාරීන් කිහිප දෙනෙකුට විදේශ පුහුණුවක් සඳහා අවස්ථාවක් සලසා දී තිබේ.
මෙවර ලැබූ ලොකු ලූනු අස්වැන්න සහ බීජ නිෂ්පාදනය ඉහළ යාම නිසා එම විදේශ පුහුණුව අතිශයින් සාර්ථක වී තිබෙන බව අමාත්‍යංශය පවසයි.
