පවුල් ප්‍රශ්න නිසා එස්. බි ගේ මල්ලි සිය දිවි හානි කරගැනීමේ උත්සාහ කරලා

මධ්‍යම පළාත් සභාවේ සභාපති මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යය එස්.බි දිසානායක මහතාගේ සොහොයුරා වන සාලිය බණ්ඩාර දිසානායක අද උදෑසන සියදිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ . 

ගෙල වැලලාගෙන තම සිය දිවි තොර කරගැනීමට උත්සහ කල සාලිය බණ්ඩාර එම අවස්ථාවේ විශේෂ මත්ද්‍රව්‍ය වර්ගයක් වැඩි මාත්‍රාවකින් ලබාගැනීම හේතුවෙන් මෙසේ සිය දිවි නසා ගැනීමට තැත්කර ඇති අතර පසුව එම ක්‍රියාව දුටු අයෙකු විසින් ඔහුව වලකා ඇත.

ඒ අනුව ඔහු වහාම ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇත්තේ මත් ද්‍රව්‍යය විෂ වීමෙන් සිහි මද තත්වයකින් පසුවූ හේතුවෙන් බව වාර්තා වේ. ඔහු දැනට මහනුවර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. 

මේ පිලිබඳ ගොසිප්9 කල සොයාබැලීමකදී හෙලිවුයේ සාලිය බණ්ඩාර දිසානායකගේ බිරිඳ ඊයේ දිනයේ මහනුවර පොලසියේ සාලිය බණ්ඩාර දිසානායකට එරෙහිව පැමිණිල්ලක් ගොනුකොට ඇති බවයි. 

එම පැමිණිල්ලෙන් සාලිය බණ්ඩාර හට බිරිඳ චෝදනාකොට ඇත්තේ සිය සැමියා විසින් සිදුකරන පහරදීම් සහ ගිනි අවි පෙන්වා සිදුකරන බියගැන්වීම් ඉවසාගත නොහැකි බවයි. මේ හේතුවෙන් සිත්තැවුලට පත් සාලිය බණ්ඩාර සිය දිවි නසාගැනීමට උත්සාහ දරා ඇති බව නිල නොවන ආරංචිමාර්ග වලින් අප වෙත වාර්තා වේ.

Related Posts Plugin for WordPress, Blogger...