දවස් 2 න් ඩෙංගු හොඳ කරන බෙහෙතක් සොයාගනී
Tuesday, November 13, 2012
මාරාන්තික ඩෙංගු රෝගය දින දෙකකින් නිට්ටාවටම සුවපත් කළ හැකි ආයූර්වේද ඖෂධයක් සොයා ගත් බව අම්බලන්ගොඩ සර්වාංග රෝග ආයූර්වේද වෛද්‍යවරියක වන තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය පවසනවා.ඩෙංගු රෝගය සඳහා ඖෂධයක් සොයමින් ඇය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ වෛද්‍ය සිසුවියක් හැටියට සිටි කාලයේ දීය. ගෙවත්තේ වැවෙන ඖෂධ ශාක වියලා කුඩුකර මෙම ඖෂධය සාදා ඇත. එනම් සම්පූර්ණයෙන්ම යොදාගෙන තිබෙන්නේ දේශීය ඖෂධ වර්ගයි.
ඩෙංගු රෝගීන් බවට හඳුනා ගන්නා ඕනෑම ඩෙංගු රෝගියෙක් හට තමන් දැනට නොමිලයේ ප්‍රතිකාර ලබා දෙන බවත් මේ වනවිට ඉන් ඩෙංගු රෝගීන් 30ක් පමණ පිරිසක් සුවපත් කර ඇති බවත් ඇය පවසනවා.
මෙම ඖෂධය සොයාගෙන වසර දෙකක් පමණ වන අතර පේටන්ට් බලපත්‍රයක් සඳහා අයදුම් කර තිබෙන බවයි ඇය පවසන්නේ "ඩෙංගු රෝගියෙක් මා හමු වීමට පෙර ඉඟුරු, සුදුළුණු, විනාකිරි වැනි දේවල් ආහාරයට ගන්න එක ඉතා ඉක්මනින් නැවැත්විය යුතුයි.
වැළදී ඇත්තේ ඩෙංගුම දැයි ස්ථීර කරගැනීම සඳහා රුධිර සාම්පල් පරීක්ෂාවක් කරගෙන එනව නම් මට ප්‍රථිකාර කිරීම ඉතාමත් පහසුයි. නමුත් ඩෙංගු රෝගයේ කුමන අදියරක පසුවන රෝගියෙක් උවත් මම ඔහු හෝ ඇයව නිට්ඨාවටම සුව කරන බව ඉතාමත් වගකීමෙන් කියන්න කැමතියි.
වෛද්‍ය සභාවේ අනුමැතියට දීලා තිබෙනවා සූත්‍ර කමිටුවේ අනුමැතිය ගන්න. ඒක හම්බ වුනාට පස්සේ වෙළඳපොළට මෙම ඖෂධය නිකුත් කරනවා. එතකම් මම නොමිලේ ප්‍රතිකාර කරනවා මාව දැනුවත් කළොත්. මට පේටට්න්ට් බලපත්‍රය මේ වනවිට ලැබිලා තියනවා LK/P/1/16813 කියන අංකය තමයි පේටන්ට් බලපත්‍රයේ අංකය".
නමුත් බුද්ධිමය දේපල කාර්යාලයේ පේටන්ට් පරීක්ෂක නලින්ද අත්පත්තු මහතා පවසන්නේ ඇය මේ සඳහා අයදුම් කර ඇතත් තවම එය නිකුත් කර නොමැති බවයි. එසේම ආයුර්වේද වෛද්‍ය සභාවට ද මෙම ඖෂධය මේ වන තුරුත් ඇය යොමු කර නොමැති බව ආයුර්වේද දෙපාර්තමෙන්තුවේ කොමසාරිස්වරයා පවසනවා.
පසුගිය කාලයේ ඩෙංගු මර්ධනය සඳහා කියුබාවෙන් බීටීඅයි බැක්ටීරියාව ලංකාවට ගෙන්වන බව පත්තර වල පිටු ගනන් පලවුවද එයට සිදුවූ දෙයක් තවම සොයාගැනීමට නැත.
මීට පෙර ඩෙංගු රෝගය මැඬලීමට හැකි වටිනා බෙහෙත් තෙලක් පිළිබඳව අමිතිරිගල පාලිත ධම්ම හිමියෝ පසුගිය කාලයේ මර්වින් සිල්වා අමාත්‍යවරයා හරහා මාධ්‍ය හමුවේ දී තොරතුරු අනාවරණය කළා. ඒ පිළිබඳව පෙර පුවත පහතින්.
නව සොයාගැනීම පිළිබඳව වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
ඩෙංගු වලට බෙහෙතක් ලංකාවෙන් සොයාගනී?
ඩෙංගු වැඩිවීමට හේතුව ගෝලීය උණුසුමයි - උදය ගම්මන්පිල
ඩෙංගු මර්ධනයට ජාන වෙනස් කළ පිරිමි මදුරුවෙක්
