යෝෂිත ටෙහෙරාන් ගියේ මොකටද?

ටෙහෙරාන් නුවරදී පෙරේදා ආරම්භ වු නොබැඳි ජාතීන්ගේ 16 වන රාජ්‍ය නායක සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා ඉරානය බලා පිටත්ව ගියා.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂද ගොස් තිබෙනවා.

යෝෂිත රාජපක්ෂ යනු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිළධාරියෙකු නොවේ. ඔහු නාවික හමුදාව නියෝජනය කරන රගර් ක්‍රීඩකයෙකි.


යෝෂිත රාජපක්ෂගේ ගමන් හා හෝටල් වියදම් ගෙවෙන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ධනයෙන් නොව රටේ අසරණ මිනිසුන්ගේ මුදල් වලිනි.

ජනාධිපතිවරයා ටෙහෙරාන් නුවර ලඟාවෙත්ම ඉරානයේ රූපවාහිනී නාලිකාවක් වන "ප්‍රෙස් ටීවී" මාධ්‍යවේදියෙකු මහින්ද රාජපක්ෂ මහතා සමඟ හදිසි සාකච්ජාවක් පැවැත්වූ අතර එම වීඩියෝවේ යෝෂිත සිටින අකාරය පහතින්.






-සම්බන්ධිත පුවත්-
රෝහිත රාජපක්ෂත් ඔලිම්පික් බලන්න ගිහින්
ජනාධිපති තුමාගේ නිව්යෝර්ක් ගමන

Related Posts Plugin for WordPress, Blogger...