රහසිගත SMS පණිවුඩ යවන ක්රමයේ පේටන්ට් එක ඇමරිකාවට
Tuesday, August 7, 2012ජංගම දුරකථනයක සිට තවත් ජංගම දුරකථනයකය යවන SMS එකක් වෙනත් කිසිවෙකුට ලබාගත නොහැකි ක්රමයක් ලංකාවේ පාසැල් සිසුන් තිදෙනෙකු විසින් සොයාගන තිබෙනවා.
ඒ සඳහා ජාවා සහය දක්වන දුරකථන දෙකක් තිබිය යුතු අතර ඒවා දෙකෙහි මෘදුකාංගයක් ස්ථාපනය කර තිබිය යුතුය.
මෙය ලෝකයේ ප්රථම වරට සොයාගන ඇති දෙයක් බව පවසන ඔවුන් 2010 වසරේ මෙම මෘදුකාංගය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹූ බවත්, මේ දක්වා එය දියුණු කරගන පැමිණි බවත් පවසනවා.
කෙසේ වුවද මේ වනවිට පාස්වර්ඩ් සහිතව මෙම ආකාරයටම SMS යැවිය හැකි මෘදුකාංග දැනට අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා.
ලෝකයේ පරිගණක මෘදුකාංග සංවර්ධනය කිරීමේ පුරෝගාමී ඇමෙරිකානු ආයතනයක් වන ඔරකල් ආයතනය මඟින් සංවිධානය කළ Think Quest 2012 තරගය සඳහා ලෝකයේ සෑම රටකින් ම පාහේ විවිධ තේමා යටතේ තරුණ කණ්ඩායම් 5600ක් පමණ සහභාගී වී ඇති අතර එහිදී වයස අවුරුදු 17 න් පහළ කාණ්ඩයේ ලෝකයෙන් ම දෙවැනි ස්ථානය දිනාගන ඇත්තේ රොෂ්නාල්, අදීශ හා චමත් යන එම රාජකීය විශ්යාලයේ සිසුන් තිදෙනා ය.
මෙම මෘදුකාංගය නම් කර ඇත්තේ TED (Test Encryptor and Decryptor) ලෙසයි
ඔවුන් මේ පිළිබඳව පවසන්නේ "පණිවුඩය ලබන්නා හා යවන්නා යන දෙදෙනාටම මේ මෘදුකාංගය තිබිය යුතුයි. මෙය ජංගම දුරකථනයෙන් පළමු වතාවට Install වන විට ඔහු වෙත User Account එකක් හා Password එකක් දෙනු ලැබේ.
යම් SMS එකක් ලද විට TED, account එකට SMS එක ලැබේ. එවිට එම පණිවුඩය දුරකථනයේ නිවැරැදි අයිතිකරුට මිස අන් අයකුට කියවිය නොහැකියි.
අන් අයට මේ පණිවුඩය දැකීමට හැකි නමුත් එය (encrypted) රහසිගත භාෂාවකින් ඇති නිසා කිසිදු අයුරකින් අන් අයකුට කියවිය නොහැකි ය. මෙමගින් SMS වල ආරක්ෂිතභාවය සුරැකෙනවා" ලෙසයි
මෙම මෘදුකාංගයේ පේටන්ට් අයිතිය ලබාගන තිබෙන්නේ ඇමරිකානු සමාගමකි. TED මෘදුකාංගය පිළිබඳ වැඩිදුර තොරතුරු www.tedmobile.net වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර මෙම මෘදුකාංගය පිළිබඳව වීඩියෝවක් පහතින්.
මෙම මෘදුකාංගය පිළිබඳව ලයිව් ඇට් 8 මඟින් විකාශණය කළ වීඩියෝව පහතින්.