Lanka TV හා TV Lanka රූපවාහිනී නාලිකා විකාශයන්
Monday, August 13, 2012Lanka TV රූපවාහිනී සේවාව
SLT Peo TV මෙන් IPTV තාක්ෂණය යොදාගෙන ලංකාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා හා විදෙස් නාලිකා 21ක් ලංකාවට ලබාදීමට Lanka TV ආයතනය බලාපොරොත්තු වෙනවා.
ඔවුන්ගේ කලාප කාර්යාලයන් කොළඹ, ඩුබායි නගර වල පිහිටා ඇති අතර ප්‍රධාන කාර්යාලය ඇත්තේ එක්සත් රාජධානියේය. ඒ හරහා විදෙස් රටවල සිටින ජනතාවට ලංකාවේ විකාශනය වන නාලිකා සියල්ලම නැරඹීමේ අවස්ථාව මීටපෙර ලැබී තිබුණා.
පසුගියදා ලංකාවේ කාර්යාලයක් විවෘත කරමින් ඔවුන් එම සේවාව ලංකාවටද හඳුන්වා දෙනු ලැබූවේ ඒෂියා මීඩියා සමාගම යටතේය. කොළඹදී විවෘතවූ කාර්යාලයෙහි පිහිටුවා ඇති දත්ත මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් චන්ද්‍රිකා වෙත තොරතුරු ලබාදීම සිදු කෙරේ.

ඔවුන් විසින් රූපවාහිනී නාලිකා 21ක් ලබාදේ. ඒවා ඒවා පහත පරිදිය.
මෙහි TV Package හා PC Packageලෙස කොටස් දෙකකින් යුක්ත වේ. රූපවාහිනී නාලිකා රෙකෝඩ් කිරීමේ පහසුකමද ලැබේ. රූපවාහිනියට සම්බන්ධ කර නැරඹීම සඳහා ලබාදෙන සෙට් ටොප් බොක්ස් එක අන්තර්ජාලයට වයර් මඟින් හෝ wi-fi මඟින් සම්බන්ධ කර එය TV එකට සම්බන්ධ කළ යුතුය. HDMI පහසුකමද ඇත.
පරිගණකය හරහා නරඹන්නේ නම් ලංකා TV වෙබ් අඩවියට මුරපදයක් මඟින් ඇතුල්වීමෙන් නැරඹිය හැකිය. මේ සඳහා 1.5Mbps අන්තර්ජාල සේවාවක් අවශ්‍ය
TV Lanka රූපවාහිනී සේවාව
DVB-T තාක්ෂණය යොදාගන ලංකාවේ ප්‍රථම වරට රූපවාහිනී සේවාවක් TV Lanka ආයතනය ලබාදෙනවා.
රට පුරා පිහිටුවන කණු ආධාරයෙන් ඔවුන් මෙම නාලිකා විකාශයන් ලබාදෙන අතර දැනට කොලඹ සිට කිලෝමීටර් 100ක පමණ ප්‍රදේශයකට මෙම සේවාව ලබාගත හැකිය.
ඔවුන් විසින් ලබාදෙන සෙට් ටොප් බොක්ස් එකක්, සිම්කාඩ්පතක් හා ඇන්ටනාවක් මේ සඳහා යොදාගැනේ. මේ සඳහා මාසික ගාස්තුව රු. 490/-කි. ඩයලොග් TV හා සැසඳීමේදී ලාභදායකය.
මූලිකව චැනල් 41 ලබාදෙන අතර ඒ අතර HD චැනල් 8ක් ද ඇත. ඒවා Full HD නාලිකා චැනල් නොවන අතර ඉදිරියේදී Full HD ලෙස ලබාදීමට නියමිතය.
එම රූපවාහිනී නාලිකා පහත පරිදිය.
මෙයින් HD චැනල් වන්නේ මේවාය.
Net Geo HD
Star Movies HD
Movies Now HD
STAR Plus HD
Zee TV HD
TEN HD
ESPN HD
Star Cricket HD
-සම්බන්ධිත පුවත්-
ඩයලොග් TV හා පියෝ TV HD තාක්ෂණයට සැරසෙයි