ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය

ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම තමාගේ බලාපොරොත්තුව බව බව ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මීට පෙර පවසා තිබුණා.

"මම දැනට එංගලන්තයේ අභ්‍යාවකාශ විද්‍යාව හදාරනවා. දැන් කරන මාස්ටර් විභාගය තව මාස තුනකින් ඉවරයි. උපාධිය කරලා තියෙන්නේ එරොස්පේස් ඉංජිනියරින් (Aerospace Engineering) වලින්.

රුසියාවේ ගිහිල්ලා ඇස්ට්‍රොනොට් (Astronaut) කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවත් ඉෂ්ටවෙයි කියලා හිතනවා" යනුවෙන් ඔහු පවසා තිබුනේ පසුගිය ජනවාරි මාසයේ.

විභාගය අවසන්වීමෙන් පසු පසුගියදා බ්‍රිතාන්‍යයේදී ඔහු උපාධිය ලබාගත් අතර එහිදී ඔහුට උසස් සාමාර්ථයක් හිමිවී තිබුණි.


උපාධියෙන් පසු අභ්‍යාවකාශ පුහුණුවට ලබාගැනීමට රෝහිත තෝරාගත්තේ රුසියාවේ ගගණ පර්යේෂණ ආයතනයයි. ඔහු ඒ ගැන උනන්දු වෙමින් එම ආයතනයෙන් කරුණු විමසීමක්ද කර තිබුණා.

ඒ විමසීම් වල ප්‍රතිඵලයක් ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ගෙන් රෝහිත රාජපක්ෂට පසුගියදා විශේෂ ලිපියක් ලැබුණා. එහි සඳහන් වූයේ අභ්‍යාවකාශ තරණය සම්බන්ධ පුහුණු කටයුතු සඳහා රුසියානු ජනාධිපතිවරයාගේ ආශිර්වාදය හිමිවන බවයි.

ඒ අනුව ළඟදීම රෝහිත රාජපක්ෂ රුසියාවේ අභ්‍යාවකාශ තරණය සඳහා අවකාශ ලැබෙනු ඇත.

"සුප්‍රිම් සැට්" සමාගම විසින් චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමෙන් නොනැවතී ශ්‍රී ලාංකික ගගනගාමියෙකු ඉදිරි වසර කිහිපය තුලදී උඩු ගුවනට යැවීමටද සැලසුම්කොට තිබෙ අතර ඔවුන් විසින් දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයෙන් අක්කර 30 ක භුමි ප්‍රදේශයක් මිලදී ගෙන තිබෙන්නේ ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් හා චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් ඉදිකිරීමයි.

ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ උදව් මේ සඳහා නොමඳව ලැබෙන බවයි "සුප්‍රීම් සැට්" සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසා තිබුණේ.

-සම්බන්ධිත පුවත්-
ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා වන්නේ ජනපති බාලම පුතයි
ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට

Related Posts Plugin for WordPress, Blogger...