පිං කැටේ කැඩූ සිවිල් ආරක්ෂක සෙබළුන් මාට්ටු
Friday, August 10, 2012සිවිල් ආරක්ෂක බලකාගේ සෙබළුන් දෙදෙනෙකු විසින් ඊයේ රාත්රියේ, රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීර සෙබළුන් සිහිවීම පිණිස කන්තලේ සේරුනුවර මාර්ගයේ 9 කණුව අසල ඉදිකොට ඇති පුල්ලෙයාර් කෝවිලේ පිංකැටය කඩා මුදල් රැගෙන ගොස් තිබෙනවා.
මුදල් රැගෙන පලාගොස් ඇති මෝටර් සයිකලය මඟදී අනතුරකට ලක්වී ඇති බැවින් ඔවුන් දෙදෙනා මුදල් හා මෝටර් සයිකලය දමා පැන ගොස් තිබෙනවා
එම මෝටර් සයිකලය අයත්වන්නේද සොරකමට සම්බන්ධ එක් සිවිල් ආරක්ෂක සෙබලෙක්ටය. අනතුරින් පසුව රාත්රියේම ඔහු විසින් පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා ඇත්තේ තමන්ගේ මෝටර් සයිකලය යම් අයෙකු විසින් සොරාගන ඇති බවයි.
නමුත් පොලීසිය විසින් ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී බයිසිකලයේ යතුර හමුවීම නිසා සොරකමට ඔහු හවුල් බව හෙළිවී තිබෙනවා