ප්‍රශ්නපත්‍ර වල වචනෙක දෙකක පුංචි වෙනස්වීමක් වෙලා තියෙන්නේ - කෙහෙළිය
Friday, August 17, 2012පසුගිය වසරේ පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිසා දිස්ත්‍රික් කුසලතා වලට අදාල දෝෂ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ විද්වත් කමිටු වාර්තාව අනුව විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විශ්වාසය ගොඩ නැඟීමට ඉවහල් වන වැදගත් යෝජනා රැසක් ගෙන එන ලදි.
එම යෝජනා සහිත සංදේශයක් ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය ලැබූ තිබුණි. එම යෝජනා කල කරුණු ක්‍රියාත්මක කල යුතුව තිබුනේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිනුයි.
එම යෝජනා කිසිවක් ක්‍රියාත්මක නොවූ පසුබිමක පසුගිය 6 වනාදා ආරම්භවූ මෙවර උසස් පෙළ විභාගයේ ඉකුත් දින 11 තුළ අවස්ථා 6කදී කලින් වසරේ මෙන් ප්‍රශ්නපත්‍ර වල දෝෂ හමුවී ඇත.
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී මෙවර උසස් පෙළ විභාගයයේ සිදුවී ඇති වැරදි සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග කවරේද යන්න ප්‍රශ්න කෙරුනා. එවිට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේ "මෙතන වචනෙක දෙකක පුංචි වෙනස්වීම්ක් වෙලා තියනවා. මේ වනවිට ඒක නිවැරදි කරළා තියනවා. මෙතන ඔය කියන විදිහේ අගතියක් වෙලා නැහැ" ලෙසයි.
නමුත් ඇතැම් විභාග මධ්‍යස්ථාන වල ප්‍රශ්න පත්තර වැරදි නිවැරදි කිරීම වාර්තා වුවද තවත් විභාග ශාලා වල එම නිවැරදිකිරීම් සිදු නොකළ බවයි පසුගියදා වාර්තා වුනේ.
මේ අතර, නැවත නැවතත් සිදුවන මෙම ප්‍රශ්න පත්‍රවල දෝෂ අවුලෙන් ගැලවීම සඳහා ලබන වසරේ සිට උසස් පෙල ප්‍රශ්න පත්‍ර සැකසීමේදී "බැංකු ක්‍රමය" යටතේ නව ක්‍රමවේදයක් අනුගමනය කරන බව විභාග කොමසාරිස්වරයා පවසනවා.
මෙම "බැංකු ක්‍රමය" මඟින් එක් එක් විශයන් පිළිබඳව දැනුමක් ඇති ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් එක් රැස් කරගන්නා ප්‍රශ්න රාශියක් අතුරින් වඩාත් සුදුසු වන ප්‍රශ්න තෝරාගනයි ප්‍රශ්න පත්‍රය සෑදීම කෙරෙන්නේ
එවිට ඒකකාරී බවකින් තොර විවිධාකාරයේ ප්‍රශ්න සහිත ප්‍රශ්න බැංකුවෙන් විභාග දෙපාර්තමේන්තුව පත් කරන ප්‍රශ්න පත්‍ර මණ්ඩලයක් මඟින් සුදුසු ප්‍රශ්න තෝරාගන්නා බැවින් ප්‍රශ්න හා පිළිතුරු නැවත නැවතත් පරීක්ෂාවක් සිදුවන නිසා දෝෂ තිබුනහොත් ඒවා කල්තියා හඳුනාගැනීමට හැකි බවයි විභාග කොමසාරිස්වරයා පවසන්නේ.
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්