නිලුක පසුගාමීවුයේ පුහුණුකරු නොමැති නිසාද?

ශ්‍රී‍්‍ර ලංකාවේ බැඩ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න ලන්ඩන් ඔලිම්පික් උලෙලේදි ප‍්‍රථම ජයග‍්‍රහණය පසුගියදා වාර්තා කලේ ලෝක බැඩ්මින්ටන් කි‍්‍රඩා ශ්‍රේණිගත කිරිම්වල 08 වන ස්ථානයේ පසුවන ජපන් කි‍්‍රඩක කෙන්චිටාගෝ පරදවමිනි.

ඒ අනුව ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී ක‍්‍රීඩකයන් 16 දෙනෙකු සහිත අර්ධ අවසන් පුර්ව තරඟයට නිලුක සුදුසුකම් ලබු අතර ඒ අනුව ඊයේ දිනයේ (1) පැවති නිලූක කරුණාරත්න සහ ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලි අතර තරඟයේ ජය ඉන්දිය ක‍්‍රීඩක කාශ්‍යප පරුපල්ලිට හිමිවිය. ඒ අනුව නිලූකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

තරගයේ පළමු වටය ලකුණු 21/14 ක් ලෙස ඉන්දිය ක‍්‍රීඩකයා ජයගත් අතර දෙවැනි වටය 21/15 ක් ලෙස නිලූක පහසුවෙන් ජය ලැබීය. 


ඒ අනුව නිලූක වට තුනක් දක්වා තරගය ගෙන ගියේය. තෙවැනි වටයේදී ඉන්දිය ක‍්‍රීඩකයා ලකුණු 21/9 ක් ලෙස පහසුවෙන් ජය ලබා අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ඉන්දීය ක්‍රීඩකයා මෙසේ ඉදිරියට ගියේ සිය පුහුණුකරුගේ තාක්ෂණික උපදෙස් සමගය. නමුත් නිලුකට එලෙස තාක්ෂණික උපදෙස් ලබාගැනීමට පුහුණුකරුවෙක් සිටියේ නැත. ලංකාවෙන් ගිය ඔලිම්පික් ජම්බෝ දුත පිරිසට නිලුකගේ පුහුණුකරු ඇතුලත් වී සිටියේ නැත.



එහෙයින් නිලුකට සිදුවුයේ පැමිණිසිටි බැඩ්මින්ටන් සංගමයේ සභාපති සමග අදහස් හුවමාරු කරගැනීමට පමණි.තරඟය අවසානයේ නිලුක ප්‍රකාශ කර තිබුනේ වඩාත් ඉවසීමෙන් ක්‍රීඩා කලානම් තමාට ජයග්‍රහනය කිරීමට හැකියාව තිබු බවයි. 

නිලුකගේ පුහුණුකරුත් ඔහු සමග සිටියානම් තත්වය මෙයට වඩා වෙනස් වීමට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවට එයේ එසේ සිදු නොවිය. එවන් බාධක මැද්දේ ධෛර්යමත්ව ක්‍රීඩාකළ නිලුකට අපගේ උපහාරය!

එහෙත් අවාසනාවට එයේ එසේ සිදු නොවිය.එවන් බාධක මැද්දේ ධෛර්මත්ව ක්‍රීඩාකළ නිලුකට අපගේ උපහාරය!

ලංකාවෙන් ඔලිම්පික් ගිය ජම්බෝ දුත පිරිස ගැන හෙලිකල ගොසිප්9 පෙර ලිපිය බලන්න මෙතනින් 

Related Posts Plugin for WordPress, Blogger...