දයාසිරි ජයසේකර ආණ්ඩුවට නොගත්තේ සුමනදාස එපා කියූ නිසාද?
Friday, August 31, 2012
පසුගිය කාලයේ දයාසිරි ජයසේකර මංත්‍රීවරයා පිළිබඳව විවිධ කතා පැතිරුණා. මුලින්ම දයාසිරි ජයසේකර ජනාධිපතිවරයා හා සාකච්ජා කල බවට වාර්තා වුවද ඔහු විසින් පැවසුවේ එය බොරුවක් බවයි. නමුත් ආණ්ඩුව පැත්තෙන් එය බොරුවක් බව කියූවේ නැහැ.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවකින් පසුව දයාසිරි ජයසේකර මහතා තමන්ගේ කේන්දරය බලවාගැනීමට ජනාධිපතිවරයාගේ නිල ජ්‍යෝතිෂඥයා වන සුමනදාස අබේගුණවර්ධන ලඟට ගොස් තිබේ.
එහිදී දයාසිරිගේ කේන්දරය බැලූ සුමනදාස ඔහුගේ හිත හැදෙනසේ යමක් ප්‍රකාශ කර පිටත් කර තිබේ.
අනතුරුව ජනාධිපතිවරයාට කතා කළ සුමනදාස පවසා ඇත්තේ "මෙයා නම් ආණ්ඩුවට ගන්න එපා. ගත්තොත් ඔබ තුමාට අපලයි" යනුවෙනි.
ඉන්පසු ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ දයාසිරි ජයසේකර ආණ්ඩුවට නොගැනීමටයි.
