අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
Wednesday, August 29, 2012
2015 දෙසැම්බර් මාසයේදී කක්ෂගත කිරීමට නියමිත ලංකාවට අයත් චන්ද්‍රිකාවේ පාලන කටයුතු සඳහා පිහිටුවීමට නියමිත පාලක මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා පසුගියදා මහනුවර පල්ලේකැලේදී මුල්ගල තබනු ලැබුවා.ලංකාවේ ප්‍රථම හා එකම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වන මෙය ඉදිකිරීම සඳහා ගිවිසුමකට චීන සමූහාණ්ඩුවේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ ඇමතිවරයා ගා සුප්‍රීම් සැට් සමාගම විසින් අත්සන්තැබීමෙන් අනතුරුවයි මුල්ගල තබනු ලැබුවේ.
පල්ලේකැලේ පිහිටි ආයෝජන මණ්ඩල කලාපයේ ඉදිකරීමට නියමිත මෙම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ඇතුළු නවීන චන්ද්‍රිකා පාලන භූගත මධ්‍යස්ධානය ඉදිකිරීමට අවශ්‍ය ඩොලර් මිලියන ගනනක් වටිනා උපකරණ, තාක්ෂණය හා තාක්ෂණික පුහුණුව ලබාදෙන්නේ "චයිනා ග්‍රේට්වෝල් ඉන්ඩස්ට්‍රීස් කෝපරේෂන්" සහ "සිනෝසැට්" සමාගම් විසිනි.
සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව X, C, Ka යන බෑන්ඩ් වලින් සමන්විත වන අතර වැඩි චැනල් ප්‍රමාණයකින් යුත් මෙය කලාපයේ බලවත් චන්ද්‍රිකාව වන බවයි පැවසෙන්නේ. මේ මේ සඳහා යන වියදම ඩොලර් මිලියන 300කි
දකුණු පළාතේ කොග්ගල ප්‍රදේශයෙන් අක්කර 30 ක භුමි ප්‍රදේශයක් සුප්‍රීම්සැට් සමාගම විසින් පසුගියදා ලබාගෙන තිබුනේ එහි ගගනගාමීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීමටයි. පල්ලේකැලේ ඉදිකිරීමට යන්නේ 2015දී කක්ෂගත කිරීමට නියමිත චන්ද්‍රිකාවට අදාල මෙහෙයුම් මධ්‍යස්ථානයයි.
කොග්ගල ප්‍රදේශයේ ඉඩම ලබාගැනීමෙන් අනතුරුව "සුප්‍රීම් සැට්" සමාගමේ කළමණාකාර මනිවන්නන් මහතා පවසා තිබුනේ තවත් වසර 4 කින් ශ්‍රී ලංකික ගගනගමියෙකු උඩු ගුවනට යාම සිහිනයක් නොවන බවයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ උදව් ඒ සඳහා නොමඳව ලැබෙන බවත් ආයෝජන මණ්ඩලය හා විදුලි සංදේශ කොමිෂන් සභාව මේ සඳහා තමන් ධෛර්යයමත් කරන බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබුණා.
ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මීට පෙර පවසා තිබුණේ තමාගේ බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම බවයි.
ඉදිකිරීමට යෝජිත චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථානයේ ආකෘතිය පහතින්.

පල්ලේකැලේදී මුල්ගල තැබීමේ හා ගිවිසුම් අත්සන් කිරීමේ ජායාරූප පහතින්.
-සම්බන්ධිත පුවත්-
ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට
ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා ජනපති බාල පුතයි
ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය



