ඇමති ආතාවුද සෙනෙවිරත්නගේ කාර්යාලයට සීල් තබයි
Thursday, August 16, 2012ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනෙවිරත්නට අයත් කාර්යාලයකට කෑගල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් මුද්‍රා තබා තිබෙනවා.
කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය එම කාර්යාලයේ නීති විරෝධී අන්දමින් තම පුතාගේ මැතිවරණ ව්‍යාපාරයට අයත් මැතිවරණ ප්රචාරක පුවරු සහ පත්‍රිකා තබාගැනීම ඊට හේතුවයි
ලැබුණු තොරතුරකට අනුව දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයා විසින් එය පරීක්ෂාවට ලක් කර ඇති අතර එම අවස්ථාවේ මෙවර කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ වදින අමාත්‍යවරයාගේ පුත්‍රයාට අයත් මැතිවරණ ප්රචාරක පුවරු තොගයක් හමුවී තිබෙනවා.
ජ්‍යේෂ්ඨ ඇමතිවරයාගේ පුතා වන්නේ පරාක්‍රම ආතාවුදයි. මොනම හේතුවක් නිසාවත් දැනට බලයේ සිටින මහජන නියෝජිතයන්ගේ පවුල් වල ලේ ඥාතීන්ට පළාත් පාලන මැතිවරණයට නාමයෝජන ලබා නොදෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළද මෙම ඥාතිකම ඔහුට පෙනුනේ නැහැ
ජූනි 07 වෙනිදා වරකාපොල දොරවක ප්‍රදේශයේ නිවසක ඉදිකරමින් තිබූ නල ළිඳකට සහ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආතාවුද සෙනවිරත්න මහතා අධිකරණයට ඉදිරිපත් කර පසුව ඇපමත මුදා හැරුණා.
-සම්බන්ධිත පුවත්-
වරිග සභාවක් වූ පලාත් සභාවක් මෙවරත්