පාසැල් වලට පෙට්ටි දෙකක්
Tuesday, August 21, 2012"පොලීසියට දෙන පණිවිඩයක්" යන වදන සඳහන් පැමිණිලි පෙට්ටියක් සෑම පාසලකම තැබීමට පොලීසිය බලාපොරොත්තු වෙනවා.
පොලිස්පතිවරයා විසින් මේ පිළිබඳව දිවයිනේ සෑම පොලීසියකටම දැනුම්දී තිබෙන අතර පාසලෙන් පිටතදී ළමයින් අපචාර වලට ගොදුරුවීම් දැනගැනීමයයි මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට යන්නේ.
ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් දිවයිනේ සියළුම පාසැල්වල "සිනහ-කඳුළු පෙට්ටියක්" සවිකිරීමට පියවර ගන්න බවක්ද මීට මාස කිහිපයකට පෙර වාර්තා වුණා.
ළමයින් මුහුණ පාන ලිංගික අතවරයන් අවම කර ගැනීමේ හා ඒවා හෙළි කර ගැනීමේ එක් පියවරක් ලෙස දරු දැරියන් පාසලේදී, නිවසේදී හෝ වෙනයම් තැනකදී මුහුණු පෑ කිසියම් අතවරයක් හෝ තම මිතුරෙකුට මිතුරියකට සිදු වූ කිසියම් අතවරයක් වේ නම් නාමිකව හෝ නිර්නාමිකව ලියා මෙම "සිනහ-කඳුළු" පෙට්ටියට දැමිය යුතු බවයි ඔවුන් පැවසුවේ.
පාසලේ යම් හුදෙකලා ස්ථානයක සවිකරන මෙම පෙට්ටියට තමන් අත්විඳි දේ ලියා දැමිය හැකි අතර එය කිසියම් දින ගණනක් ඇතුලත පාසලේ නොවන වගකිවයුතු පිරිසක් විසින් විවෘත කරනු ලබයි.
ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ තරම් අධික ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර වලින් පිරිනු රටක් බවට ලංකාව පත්වෙමින් තිබෙන අතර පසුගිය වසර දෙකහමාරක කාලය තුළ වැඩිහිටි පිරිමින් විසින් ලාබාල දැරියන් 2,500 දෙනෙකු පමණ බරපතල ලෙස ලිංගික අතවරයට ලක්කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසනවා.
ඒ 2010 ජනවාරි 01 වනද සිට 2012 ජූනි 30 වැනිදා දක්වා කාලයේය. මේ අනුව සාමාන්‍යයෙන් දිනකට අතවරයට පත්වූ දැරියන් ගනන 4කි. බරපතල ලිංගික අපයෝජනයට පත්ව ඇති සියළු දෙනා වසස 16ට අඩු දැරියෝය.
-සම්බන්ධිත පුවත්-
අතවර වලින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වේ