බ්ලැක්ලිස්ට් වූ සමාගමකින් ගෙන්වූ බාල ඩීසල්
Thursday, August 2, 2012 පසුගිය වසරේ සිට අවස්ථා කිහිපයකදීම ඇමති වරුන්ගේ සහ නිළධාරී පිරිසක අනිසි ලෙස ලාභ ලැබීමේ අරමුණින් ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීම සඳහා ගත් අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් රටට අති මහත් වූ පාඩුවක් සිදු උණා. මෙහි ආසන්නම සිදුවීම වාර්තා උනේ පසුගිය 25 වනදා.
පසුගිය 25 වනදා සිට මෙලෙස කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ ඉන්ධන තොග ලබා ගත් ලංගම බස් රථ, දුම් රිය, වරායේ දොඹකර ඇතුළු වාහන රැසක් කාර්මික දෝෂ වලට ලක් වී ඇති අතර සෑම දුම් රිය ගමන් වාරයකට පසුම එහි එන්ජින් අළුත්වැඩියා කිරීමට සිදු වූ බවටයි වාර්තා වන්නේ.
පසුගිය මස 31 වනදාද දුම්රිය දෙකක් ඇනහිටි අතර දුම්රිය එන්ජින් තුනක් අලුත්වැඩියා කිරීම සඳහා අංගනයට රැගෙන විත් ඇති බවත් මෙලෙස අලුත් වැඩියා කිරීමට ගෙන ආ සියළුම එන්ජින් වල ෆිල්ටර් මාරු කිරීමට සිදු වූ බවත් දුම්රිය අංගන ප්‍රකාශකයෙක් පැවසුවා.
මෙම එක් එන්ජින් ෆිල්ටරයක වටිනාකම රු.40,000 ක් පමණ වන බවත් මෙසේ බාල ඉන්ධන භාවිතා කිරීම හේතුවෙන් ඉතා අධික අමතර වැයක් දැරීමට සිදු වූ බවත් ඉදිරියේ දී ද මෙම බාල ඉන්ධන භාවිතා කිරීම නිසා තව තවත් එන්ජින් අළුත්වැඩියා කිරීමට සිදු විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසා සිටියා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩළ ප්‍රකාශකයකු සඳහන් කලේ මොරටුව, අම්බලංගොඩ, අම්පාර, අනුරාධපුර ඩිපෝ වලට අයත් බස් රථ විශාල ප්‍රමාණයක් ද, අධිවේගී මාර්ගයේ ගමන් කල බස් රථ කිහිපයක් ද අලුතෙන් ධාවනය සඳහා යෙදවූ මයික්‍රෝ වර්ගයේ බස් රථ ද මෙලෙස කාර්මික දෝශ වලට ලක් වී ඇති බවයි.
මේ අතර ලංකා ඛණිජ තෙල් තොග ගබඩා සමාගමේ මාධ්‍ය ප්‍රකාශක එච්.එන්.බී.යූ.ජයවර්ධන පවසන්නේ මෙරටට ගෙන්වන ඕනෑම ඉන්ධන වර්ගයක් අවස්ථා 2කදී රසායනික පරීක්ෂාවන්ට ලක් කරන නිසා අදාල ඉන්ධන තොගයේ කිසිදු ගැටළුවක් නැති බවට තහවුරු වී ඇති බවයි. අදාල ඩීසල් භාවිතා කිරීමෙන් රථවාහන කාර්මික දෝෂයන්ට ලක් වී ඇති බවට ලිඛිතව පැමිණිළි කරන්නේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලා.
නමුත් මේ පිළිබඳව අපට දැනගන්නට ලැබෙන්නේ කලින් වරක් බාල ඉන්ධන ගෙන්වූ සමාගමෙන්ම මෙවරද බාල ඉන්ධන තොගයක් ගෙන ඒම ඩීසල් වාහනවල දෝෂ ඇතිවීමට හේතුවී ඇති බවයි. ඛනිජ තෙල් සංස්ථාව මෙලෙස බාල ඩීසල් ආනයනය කර ඇත්තේ 2010 වසරේ දී ප්‍රමිතියෙන් තොර බාල තෙල් ලබා දීමට වරදකරු වී සිටින සිංගප්පූරුවේ විටෝල් සමාගමෙනි.
කෙසේ වෙතත් වාර්තාවන ආකාරයට පසුගිය මාස 08ක කාලයක් තිස්සේ නැවත වරක් කාගේ හෝ උවමනාවක් නිසා තහනම බිඳ දමමින් එම සමාගමෙන් ඩීසල් ගෙන්වීම කර ඇත. එමෙන්ම බාල ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් එම සමාගම ශ්‍රී ලංකාවට දඩ මුදලක්ද ගෙවිය යුතුව තිබේ. මෙවර ඉන්ධන තොගය ආනයනය කර ඇත්තේ එවැනි තත්ත්වයක් තුළය. එබැවින් මෙම ඉන්ධන තොගය ආනයනය කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාව කරුණු දැක්විය යුතුව තිබේ.
තත්වය එසේ තිබියදී ඛණිජතෙල් අමාත්‍යාංශය පවසන්නේ වරද ඇත්තේ ඩීසල් වල නොව ඉන්ධන පිරවුම් හල් වල ඇති පොම්ප වල බවයි. මෙම පොම්ප පරණ ඒවා වීම නිසා ඒවා භාවිතයෙන් ඉන්ධන වල ප්‍රමිතිය වෙනස් වෙන්නට ඇතැයි අමාත්‍යාංශය පවසනවා.