වරිග සභාවක් වූ පලාත් සභාවක් මෙවරත්

පලාත් සභා නාමයෝජනා භාරදීමට සති දෙකකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ මොනම හේතුවක් නිසාවත් දැනට බලයේ සිටින මහජන නියෝජිතයන්ගේ පවුල් වල ලේ ඥාතීන්ට පළාත් පාලන මැතිවරණයට නාමයෝජන ලබා නොදෙන බවයි.

ගැලරිය පිනවීමේ අදහසින් කළ එම ප්‍රකාශයට නරඹන්නන්ගෙන් විසිල් පාරක් ලැබුනද ඇමති පුතුන්ගේ පොරය ඒ වනවිටත් කරළියට පැමිණ තිබුනේ සබරගමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයෙනි.

කෑගලු ශ්‍රීලනිප සාමාජිකයෝ දිස්ත්‍රික්කය පුරා අපූරු පෝස්ටර් ගැසූවේ "ඇමති පුතුන්ට නාමයෝජනා තහනම් කළ ජනපතිට කෑගලු ජනතාවගේ උපහාරය" ලෙසයි. නමුත් එම උපහාරය ගැනීමට ජනපතිට වාසනාවක් නොවීය.


ජූලි 18වනදා කෑගලු කච්චේරියට මැති ඇමතිවරුන් රොත්ත බුරුත්තම තම පුතුන් දක්කාගන ආවේය. බුලත් කොළයේ ලැයිස්තුවේ ඇමති ලේ ඥාතීන් ගණන 15කි

කෑගල්ලේ එක් ඇමති පවුලක් ගතහොත් අම්මා දකුණු පලාත් ආණ්ඩුකාරවරියයි. තාත්තා ජාතික උරුමයන් පිළිබඳ ඇමතිවරයාය. දැන් පුතා විදේශගතව සිට පැමිණ පළාත් සභාවට ඉල්ලයි.

අනෙක් පවුලේ තාත්තා මහ ඇමතිය. අයියා පාර්ලිමේන්තුවේය. මල්ලී පළාත් සභාවට ඉල්ලයි. තත්ත්වය එසේය. දැන් මෛත්‍රීපාල සිරිසේන මහතා කලින් පැවසූ දෙය ඔහුට අමතකය.

මෙවර පලාත් මැතිවරණයට තරඟ වදින ඇමති දූ පුතුන් හා බිරැන්දෑවරුන් මෙසේය.


මෙහෙම පොරකන්න හේතුව මොකක්ද?

දකුණු පළාත් සභාවේ ජවිපෙ මංත්‍රී නලීන් හේවගේ මහතා මෙවර පළාත් සභා රැස්වීමකදී තම පඩිපත ගැන අපූරු කතාවක් කළේය.

"අපි ඉල්ලුවෙත් නෑ, උද්ඝෝෂණය කළෙත් නෑ මගේ පඩිය 112,077.50 වෙනකම් වැඩි වෙලා.. පඩිපත දැක්කහම මගේ ඇස් උඩ ගියා. මේවා කොහොමද වෙන්නේ? කවුරු යෝජනා කරනවද? කවුරු ස්ථිර කරනවද කියලා අපි දැනගන්න කැමතියි" යනුවෙන් ඔහු පැවසුවේය.

ජනවාරි මාසයේ රු. 58,392.50ක් වූ ඔහුගේ පඩිපත ජූනි මාසය වනවිට දෙගුණ වී ඇත.

පළාත් සභා මංත්‍රීවරයෙකිගේ ඒකාබද්ධ වැටුප 27,142.50කි. ඉන්ධන දීමනාව 20,000කි, සංග්‍රහ වියදම් දීමනාව 500කි. දුරකතන දීමනාව 9,000කි. මේ අනුව දළ වැටුප රු. 58,392.50කි.

නමුත් එයට හිඟ රියදුරු දීමනාව වශයෙන් 16,410ක් එකතුකොට තිබේ. එයට 20,000ක් වූ ඉන්ධන දීමනාවට 28,500 දක්වා වැඩි කරගන ඇත. හිඟ ඉන්ධන දීමනාව ලෙස තවත් 28,500ක් වැඩි කරගන ඇත. මංත්‍රීවරයෙකුගේ වැටුප ජූනි මාසයේදී රු. 112,077.50 දක්වා වැඩි කරගන ඇත්තේ එලෙසය.

මංත්‍රීවරයෙකුගේ පඩිය එසේ වැඩිවුවද රජයේ සේවකයෙකුට නම් සොච්චමක් වැඩිකරගැනීමට උද්ඝෝණ කළ යුතුය, වර්ජන කළ යුතුය, කඳුළු ගෑස් ප්‍රහාර වලට ලක්විය යුතුයි.

බුලත් කොළයෙන් දකුණු පළාත් සභාවට ඉල්ලා අසුන දිනාගත් අනර්කලී පඩි පොකට්ටුව ගැනීමට වරක් දෙවරක් ගාල්ලට ආවත් දැන් නො එන්නේ එයද බැංකුවට යන නිසා බවයි බොහෝ දෙනා පවසන්නේ

Related Posts Plugin for WordPress, Blogger...