Z සූත්‍රය වැරදි බව එහි නිර්මාතෘවරයා පවසයි
Sunday, January 8, 2012මෙවර Z ස්කෝර් ලකුණු ලබාගැනීම සඳහා විචල්‍යතාවය සහ මධ්‍යන්‍ය අගය ගණනය කර ඇති බවත්, නව නිර්දේශ හා පැරණි නිර්දේශය වෙන වෙනම ගණනය කර කිසියම් විදියකට මෙම අගයන් දෙක එකට එකතු කර එකක් සාදා එමගින් අපේක්‍ෂකයන් දෙකොට්ඨාශයටම එක Z ස්කෝර් අගයක් සෑදීම වැරදි බවත් ඔහු පවසනවා.
තවද අන්තිම සමීකරණ දෙකෙන් අලූත් මධ්‍යන්‍යක් සාදා පළමුවැනි සමීකරණය සමග එකට එකතු කර ඇති ආකාරයද වැරදි බවත් මහාචාර්ය තටිල් මහතා පෙන්වා දෙනවා. ඔහු මෙම අදහස් පල කර තිබුනේ දිවයින හා රාවය පුවත්පත් වලටයි.
මෙවර Z සූත්‍රය සෑදීම සඳහා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ආචාර්ය මහාචාර්යවරුන් හය දෙනකුගෙන් යුත් කමිටුවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පත්කරන ලද අතර එම කමිටුව සඳහා මෙම මහාචාර්යවරයා ඇතුලත් කර තිබුනේ නැහැ.
පසුව උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කළ අතර එම කමිටුවටද මහාචාර්ය තටිල් මහතාගේ නම ඇතුළත් කර තිබුනේ නැත. මෙම විද්වත් කමිටුවේ සිටින සාමාජිකයන්ගෙන් දෙදෙනෙකු තමාගේ ශිෂ්‍යන් බව පවසන මහාචාර්ය තටිල් මහතා මෙවැනි වැරුද්දක් සිදුවූ විට තමා දැනුවත් නොකළේ ඇයිද යන්න තමාටද ගැටලූවක් බවද පවසනවා.
විභාග දෙපාර්තමේන්තුව මෙම විභාගයට අදාළ දත්ත ලබාදෙන්නේ නම් මෙහි සිදුවී ඇති වැරුද්ද සම්පූර්ණයෙන් ප‍්‍රකාශ කළ හැකි බවද ඒ මහතා පවසනවා.
මෙවර උසස්පෙළ ප්‍රතිපල කෙරෙරි ශිශ්‍යයන්ගේ විශ්වාසය නොමැති බැවිත් බොහෝ දෙනෙක් නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති අතර ඊයේ වන විට එමඟින් රජයට ලැබුණු ආදායම රුපියල් කෝටිය ඉක්මවන බවයි වාර්තාවන්නේ.
එම මුදල කුරුණෑගලින් රුපියල් 742500 ක් ද, මහනුවරින් රුපියල් 419700 ක් ද, බදුල්ලෙන් රුපියල් 400000 ක්ද ලෙස ලැබී ඇති බව සඳහන්. විභාග ප්‍රතිපල ගැටළුව මෙසේ පවතිද්දී අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති විජයමුණි සොයිසා ඇමැතිවරයා ඊශ‍්‍රායලයේ සංගීත සංදර්ශනයකට සහභාගීවීම සඳහා සිය පවුල පිටින්ම ගොස් තිබෙන බව වාර්තා වෙනවා.