සී ප්ලේන් නිසා ශ්‍රී මහා බෝධිය අනතුරේද?
Thursday, January 5, 2012ඒ අනුව ඉදිරියේදී අනුරාධපුර තිසා වැවටත් නුවර වැවටත් සී ප්ලේන් ගොඩ බෑමට සැලසුම් සකස්කොට ඇත.
මේ සඳහා ගොවි සංගම් හා වෙනත් සංවිධාන දැනටමත් විරුද්ධ වී ඇත්තේ එමගින් ශ්‍රී මගා බෝධිය අනතුරක් විය හැකි බව පවසමිනි.
ඒ අනුව ගොවි සංගම් විසින් ප්‍රකාශ කරන්නේ මෙම සී ප්ලේන් ගොදබාමේදී ඇතිවන ශබ්ද තරංග පාවී ගොස් ශ්‍රී මහා බෝධියේ ගැටීමෙන් හානියක් සිදුවිය හැකි බවයි.
මේ පිළිබඳව තවමත් නිශ්චිතව පරීක්ෂණ සිදු කර නැතත් එවැනි අවධානමක් අත්විය හැකි බව පෙන්වා දෙති.
නමුත් මෙයට පිළිතුරු ලෙස ජලතර ගුවන්යානයක් ජලාශයකට ගොඩබැස්සවීම තුළින් ජලාශයට සිදුවන්නේ අවම හානියක් බවත් ජලාශය මතුපිට පියාසර කිරීම හේතුවෙන් සිදුවන බලපෑම බෝට්ටුවක් ජලාශයක ගමන් කිරීම මෙන් සියයට පහක පමණ අගයක් බවත් ගුවන්යානා ව්‍යාපෘති කළමනාකර පුලස්ති ජයසිංහමහතා ප්‍රකාශකොට ඇත.