ජනපති පිළිබඳ ජෝතිෂ්‍ය අනාවැකි කියූ විජේ ටීවී වැඩසටහනට බාධා

2012 වසර අවසන්වීමට ප්‍රථම මහින්ද රාජපක්ෂට ජනාධිපති ධුරය අහිමිවන බවට අනාවැකි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ජෝතිෂ්‍ය අනාවැකියක් ඉන්දියාවේ සිට විකාශණය වන විජේ ටීවී නාලිකාව ඔස්සේ පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ සජීවී ලෙස විකාශය කර තිබෙනවා.

ඉන්දියාවේ දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය හා ඒ සම්බන්ධයෙන් වූ පලාපල විග්‍රහ කර තිබෙන මෙම වැඩසටහනට ඉන්දියාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදීන් 06 දෙනකු සහභාගිවී තිබෙනවා.

එම වැඩසටහන අවසන් භාගයේදී ඉන්දියාව අවට රටවල සිටින දේශපාලඥයින්ට 2012 වසර බලපාන ආකාරය එය මෙහෙයවූ මාධ්‍යවේදියා විමසා ඇති අතර ශ්‍රී ලංකාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳවද එම ජෝතිෂ්‍ය විද්වත් මණ්ඩලයේ සිටි ප්‍රධානියාගෙන් විමසා තිබෙනවා.


එහිදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කේන්දරයේ කොපියක් අතට ගෙන දීර්ඝ විග්‍රහයක් කර ඇති එම ජෝතිෂ්‍යවේදියා, 2012 වසර අවසන් වීමට පෙර ජනාධිපති ධුරයෙන් ඉවත්ව යෑමට මහින්ද රාජපක්ෂ මහතාට සිදුවන බවට අවධාරණය කර තිබෙන අතර එහි දී අනෙකුත් ජෝතිෂවේදී 05දෙනාද එම මතය අනුමත කර තිබෙනවා.

එම ජෝතිෂ්‍ය වැඩසටහන 31වන දා රාත්‍රී සජීවීවත් ඉන් අනතුරුව එහි පටිගතකළ වැඩසටහන් අවස්ථා කීපයකදීත් එම චැනලය ඔස්සේ විකාශය කර තිබෙනවා.

පසුව මේ පිළිබඳ බලධාරීන්ට වාර්තා වීමත් සමඟ පසුගිය දිනක මෙම වැඩසටහන යළිත් වරක් විකාශනය වෙමින් තිබියදී තාක්ෂණික දෝෂයක් යැයි සඳහන් කරමින් බාධා පැමිණවීමට එම නාලිකාව ලංකාවේ විකාශනය කරන ඩයලොග් ටීවී ආයතනය කටයුතු කර තිබුණා


එහි වීඩියෝව පහතින් බලන්න 


Related Posts Plugin for WordPress, Blogger...