මර්වින්ට වැදුනේ කාලි මෑණියන්ගේ සාපයද?
Thursday, January 12, 2012
පසුගියදා කැළණිය ප්‍රාදේශීය සභාවේ මංත්‍රීවරුන් ගණනාවක් මර්වින් සිල්වාට එරෙහිව කැරැල්ලක් ආරම්භ කිරීම සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේ ඔහු මුන්නේෂ්වරම් කෝවිලට පැමිණ පූජාව සඳහා සිටි සතුන් ගෙන ගොස් පූජාව කඩාකප්පල් කිරීම නිසා බව මුන්නේශ්වරම් මහා භද්‍රකාලී දේවාලයේ ප්‍රධාන පූජක කාලිමුත්තු සිවපාදසුන්දරම් තුමා පවසනවා.විශේෂ පූජාවක් ඊට පසු දින එම කෝවිලේදී පැවැත්වූ අතර එහිදී මර්වින් සිල්වාට දඬුවම් දෙන්නැයි කාලි මෑණියන්ගෙන් ඉල්ලා තිබුණා.
පසුගියදා මර්වින් සිල්වාට කැළණියේම මංත්‍රීවරු එරෙහිවීම පිළිබඳව එම කෝවිලේ ප්‍රධාන පූජකතුමා පවසන්නේ මෙවැන්නක්
"පරම්පරා 13 ක් අපි කරගෙන ආපු බිලි පූජාව ඇමැති මර්වින් සිල්වා අගෝස්‌තු 13 වැනිදා ඇවිත් නතර කළා. ඔහු ගෝලයෝත් සමඟ ඇවිල්ලා එළුවෝ ටිකයි, කුකුල්ලු ටිකයි පටවාගෙන ගියා
අපෙන් බැතිමතුන් ඇහැව්වා මේකට දඬුවම් දෙන්නේ නැද්ද කියලා. ඒකට අපි කාලි මෑණියන්ට කියලා ඇමැතිතුමාටත් ආපු අයටත් පළි ගැහුවා. ඒ ශාපය දැන් වදින්නට පටන් අරන්. තවත් අපි පලිගහනවා. තව දඬුවම් දෙන්න ඕනෑ"
මුන්නේශ්වරම් කෝවිලේ බිලි පුජාව නවතී : සතුන් මර්වින්ගේ බාරයට
මර්වින්ගේ සංශෝධිත සත්ව ඝාතන කතාව
මර්වින්ට විරුද්ධව කැළණියෙන්ම කැරැල්ලක්
