රනිල්ට එරහි සිරසේ හූව

විපක්ෂනායක හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රසිංහ මහතා අමතන රැස්වීම් වලදී කලබල කොට එම අවස්ථා රූප ගතකොට සිරස ටීවී හරහා විකාශය කිරීමේ උත්සහයක් පිලිබදව තොරතරු ගොසිප්9 වෙත වාර්ථා වෙනවා.

 මේ සදහා වික්‍රමසිංහ මහතා සහභාගිවන රැස්වීම් වලට කුමන්ත්‍රණකරුවන්ගේ නියෝජිතයන් 10ක් - 15ක් වැනි ප්‍රමාණයක් කලින්ම  යවා එම ස්ථානයේ වාඩිකර තබා වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමට පැමිණෙන වීට එතුමන්ට හු කියා එම ස්ථානයෙන් පිටවීම මොවුන්ගේ අරමුනයි.

මෙහි මුල් අවස්ථාව පසුගිය දා ජේ ආර් කේන්ද්‍රයේදී අත්හදා බැලීමට මෙම කුමන්ත්‍රණ කරුවන් තීරණය කොට තිබුනා.එහිදී රනිල් වික්‍රමසිංහ මහතා රැස්වීම ඇමතීමට පැමිණෙන විට එතුමන්ට හු කියා නැගිට යාමට එම කුමන්ත්‍රකරුවන් උත්සහකලත් මේ පිලිබදව කලින්ම ආරංචි වී ඊට මුහුණ දීමට වික්‍රමසිංහ මහතා සුදානම් වී සිටියා.

ඒ අනුව කුමන්ත්‍රකරුවන් නැගීසිටින විටම,වික්‍රමසිංහ මහතා රැස්වීම් ශාලාවෙන් පිටත සුදානම් කර තිබු එතුමන්ගේ හිතවතුන් විශාල ප්‍රමාණයක් ශාලාව ඇතුලට පැමිණි හිස් ආසන වල ඉද ගැනීමට උත්සහාකල නිසා කුමන්ත්‍රණකරුවන් තක්කු මුක්කු වී ගිය අතර ඔවුන්ට සිය උත්සාහය අත්හැර දැමීමට සිදු වුවා.

Related Posts Plugin for WordPress, Blogger...