උසස්පෙළ ප්‍රතිඵල අවුල ලිහන්න පත්කළ විද්වත් කමිටුවේ හෙළුව

2011 උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵලවල දිස්ත‍්‍රික් කුසලතාව සම්බන්ධයෙන් මතුවූ ගැටළු පිළිබඳ සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ වාර්තාව ජනාධිපති කාර්යාලය විසින් ඊයේ දිනයේ (14) ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව දිස්ත්‍රික් කුසලතාවය වෙනස් දෝෂ සහගත වීමට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ

  • දිස්ත්‍රික් කුසලතාව ගණනය කිරීමේ දී සිදු වූ දෝෂය සිදු වී ඇත්තේ විභාග ප්‍රතිඵල ගණනය කිරීමේ අවසාන පියවරේ දී ය. එම දෝෂය සිදු වී ඇත්තේ දත්ත ඇතුළත් කරන අවස්ථාවේ නොවේ.
  • මෙම දෝෂය විභාග දෙපාර්තමේන්තුව විසින්ම කෙටි කාලයක් තුළ නිවැරදි කර ඇත.
  • විභාග දෙපාර්තමේන්තුව විසින් එසේ නිවැරදි කිරීමෙන් අනතුරුව නිකුත් කරන ලද සංශෝධිත දිස්ත්‍රික් කුසලතා සහිත විභාග ප්‍රතිඵල දෝෂ රහිතව නිවැරදිව නිකුත් කර ඇති බව තහවුරු කර ඇත.
  • විභාග අපේක‍ෂකයින් වෙත තම ගැටලූ ඉදිරිපත් කිරීම සඳහා මාධ්‍ය හරහා කරන ලද දැන්වීමට අදාළව ලැබුණු අභියාචන ආශ්‍රිතව සිදු කරන ලද පරීක‍ෂණවලින් විභාග ප්‍රතිඵලවල වරදක් සිදුව ඇති බවට කිසිදු සාක‍ෂියක් අනාවරණය නොවීම.
ඉහත නිර්දේශයන් ලබාගැනීමට විද්වත් කමිටුවක් පත්කළ යුතදැයි පැනනගින්නේ ගැටලුවකි.දිස්ත්‍රික් කුසලාතවය අවසන් අදියරේදී වැරදීගිය බව කමිටුවක් පත්කිරීමටද පෙර දැනගෙන සිටි කරුණකි.

නමුත් මෙම විද්වත් කමිටුව මගින් කර ඇත්තේ මෙවර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවේ ප්‍රධාන මාතෘකාව වූ ඉසෙඩ් අගය ගණනය කිරීමේදී ඇතිවූ ගැටලුව නොසලකා හැරීමයි.

එම කමිටුවේ සභාපතිනිය වන තාක‍්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මියගෙන් මේ පිළිබඳව විමසු අවස්ථාවේදී ඇය කියා සිටියේ 

"අපට පැහැදිලිවම උපදෙස් ලැබුනේ දිස්ත්‍රික් කුසලතා දෝෂය පිලිබඳ පමණක් සොයා බලන ලෙසයි.එම නිසා සංඛ්‍යාන විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙක් සම්බන්ධ කරගැනීමට අපට අවශ්‍යය වුනේ නැහැ, මොකද අපි ඉසෙඩ් අගය ගණනය කිරීමේ සුත්‍රය පිලිබඳ සොයා බැලුවේ නැති හින්දා"

සංඛ්‍යානය පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධිධාරී, මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම මහාචාර්යවරයකුවන ආර්.ඕ තටිල් මහතා පෙන්වා දෙන පරිදි සංඛ්‍යා ව්‍යාප්ති දෙකක මධ්‍යන්‍ය සහ සම්මත අපගමනයන් එක් රේඛාවකට ගෙන ඒම කිසිසේත් සිදු කළ නොහැක. 


නමුත් මෙවර උසස් පෙළ ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට යොදාගත් සූත්‍රයෙන් එය එසේ කර ඇති බවත්, එමගින් සිදුව ඇත්තේ වැඩි මධ්‍යයනයක් ඇති පිරිසකගේ ඉසෙඩ් අගය අසාමාන්‍ය ලෙස ඉහළ යාමත් අඩු මධ්‍යයනයක් ඇති පිරිසකගේ ඉසෙඩ් අගය දිගින් දිගටම පහළ යාමත් සිදුවී ඇති බව ඒ මහතා පෙන්වා දී ඇත .

මේ හේතුවෙන් මෙවර ප්‍රතිඵලවල විෂය නිර්දේශ දෙකට පෙනී සිටි සිසු කොට්ඨාශ දෙක අතුරින් එක් පිරිසකගේ ඉසෙඩ් අගය ඉතා අඩු මට්ටමකත්, අනෙක් පිරිසගේ ඉසෙඩ් අගය ඉතා වැඩි මට්ටමකත් පවතින බව ඒ මහතා පැවසීය.

මෙවැනි වැරදි සහගත ක්‍රම අනුගමනය නොකර විෂය නිර්දේශ දෙක සඳහා වෙන වෙනම ඉසෙඩ් ලකුණු ගණනය කොට දිවයින් කුසලතාවන් පිළියෙල කිරීමේදී එම අසමානතා ගැළපීම සිදුකළේ නම් සිසුන්ට පූර්ණ සාධාරණයක් ඉෂ්ට වන ඉසෙඩ් ලකුණක් ලැබෙන බව හෙතෙම සඳහන් කළේය. 


මෙවන් අවස්ථාවකදී අනුගමනය කළයුතු ලොව පිළිගත් ක්‍රමවේදයද එය බව තටිල් මහතා පැවසු අතර සිසු දරු දැරියන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේදී වුවද විශේෂඥ විශ්ලේෂණයක් මගින් මෙම කරුණු සනාථ කිරීමට තමන් සූදානම් යැයි කියා සිටියේය.

ඒ පිලිබඳ අදහස් දක්වන තටිල් මහතා

Related Posts Plugin for WordPress, Blogger...