රනිල් සිරසට දුන් ගල රථ පෙරහරකින් ගාල්ලට
Monday, January 2, 2012විපක්ෂ නායකවරයා කියා සිටියේ කිලි මහරාජා ඇතුළු පිරිසක් මෙම ප්‍රහාරය සැලසුම්කොට ඇති බවත් වෙනත් කිසිදු නාලිකාවක් එම සිද්ධිය පිලිබඳ සජීවී දර්ශන ලබා නොදෙන වටපිටාවක සිදුවීම සිදුවූ සැනින් සිරස ඔස්සේ විකාශය වීම සැකසහිත බවත්ය.
සිරස මාධ්‍යවේදියාට ලබාදුන් එම කළු ගල ඊයේ (01) දිනයේදී විශේෂ රථ පෙරහරකින් කොළොඹ සිට ගාල්ල කතළුව මන්සංදිය දක්වා මහජන ප්‍රදර්ශනය සනදහා ගෙන එනු ලැබීය.
සිරස නිව්ස් ෆස්ට් වාර්තා කර සිටියේ ආන්දෝලනයට ලක්වූ එම ගල නැරඹීමට ජනතාවගෙන් එල්ලවූ ඉල්ලීම් හේතුවෙන් මෙලෙස රැගෙන ආ බවයි.
රනිල් ලබා දුන් කළු ගල මංජුසාවක තැන්පත්කොට තිබුන අතර මිනිසුන් වටවී එය නරඹන ආකාරයත් දැකගතවිය හැක. දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්නඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.
සිරස විසින් මෙම ගල හදුන්වා දී තිබුනේ "සැබෑ අපක්ෂපාතිත්වය ඇගයීමේ කුසලානය" ලෙසයි.
කළු ගල ප්‍රදර්ශනය කල අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න
කිලි මහාරාජාට ගල ලබා දෙන මෙන් කියූ හඬ පටය මෙම විඩියෝවෙන් ඉවත්කොට අතර හඬ ඉවත්නොකරනලද වීඩියෝව නරඹන්න මෙතනින්