ගොසිප්9 පුවත ඵල දරයි - තුවාල වී සිටි වඳුරාට ප්‍රතිකාර

"සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා.

එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.

මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.

මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

"අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.


"අහිංසකට දැන් සනීපයි"
මේ වනවිට අහිංසක නිරෝගී සුවයෙන් පසුවෙන බවයි අප වෙත වාර්තා වෙන්නේ. මෙම වඳුරාගේ ජායාරූප ගෙන අප වෙත එවූ ශ්‍රියානන්ද රත්නායක මහතාටත්, ෆේස්බුක් ඔස්සේ දැනුවත්කළ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටත්,වගකිවයුතු අංශ දැනුවත් කල රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාඨක ඔබ සියලු දෙනාට හා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාටත් අප ස්තූතිය පුදකර සිටිනවා.

වඳුරා තුවාල ලබා සිටි අයුරු


පහත ජායාරූප වල දැක්වෙන්නේ
එම තුවාල ලැබූ වඳුරාට ප්‍රතිකාර කරන අයුරුයි










ගොසිප්9 මේ පිලිබඳ හෙලිකල පළමු ලිපිය බලන්න මෙතනින්

Related Posts Plugin for WordPress, Blogger...