ෆොන්සේකාට විතරක් පහසුකම් බෑ - මර්වින්
Thursday, December 8, 2011ෆොන්සේකාගෙන් මර්වින්ට පිළිතුරු
පසුගියදා මර්වින් සිල්වා සිදුකරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පිළිතුරක් ලබාදුන්නා.ඒ උරහිසේ ආබාධයට ප්‍රතිකාර කිරිම සඳහා ඊයේ (11) දිනයේදී කොළොඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේදීයි.
එහිදී අදහස් පලකල ෆොන්සේකා මහතා
"මාව හිර කරලා තියන්න දඟලන දේශපාලඥයා කියනවා ජනතාව වෛරය ක්‍රෝධය ඉවත දාලා එකමුතු වෙන්නලු. කකුළුවෝ හරහට යනවා පැටවුන්ට කෙලින් යන්න කියනවා. කුඩු විකුණන මන්ත්‍රී කියනවලු මට කතා කරන්න බැහැ කියලා. එයාට කුඩු විකුණන්න පුළුවන් නම් අපිට කතා කරන්න බැරි ඇයි? ජයවේවා"
එහි වීඩියෝව පහතින්

පහත දැක්වෙන්නේ එම කතාවයි.
"රට පාවා දුන්න ජාතිය පාවා දුන්න හමුදාව පාවා දුන්න අධිකරණයෙන් දඬුවම් දුන්න සරත් ෆොන්සේකා නිදහස් කරගන්න කියල යන්න හදනවා ධවල මන්දිරයට ඇමරිකාවට. ඉතින් ඔබාමට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න.
එංගලන්තයේ ජර්මනියේ
ප්‍රංශයේ පර සුද්දන්ට පුලුවන්ද ලංකාවේ හිරකාරයෝ නිදහස් කරන්න. මේක තේරෙන්
නෑ ..ෆොන්සේකා නෝනට ඕනනම් තමන්ගේ දුලා බලන්න ඇමරිකාවට යන්න
පුළුවන්.ෆොන්සේකා නිදහස් කරගන්න ඕන නම් නිදහස ලබා දෙන්නේ අතිගරු ජනාධිපති
තුමා.. ඔබාමා නෙවෙයි ඇමරිකාව නෙවෙයි... ඇයි මේ යන්නේ... තවත් මේ රට අගාධයට
පත් කරන්න.තවත් මේ රට අවඥාවට ලක් කරන්න.. තවත් මේ රට අපහාසයට පත් කරන්න.
මම
අහනවා.. මේක අහන්නේ ආණ්ඩුවෙන්.. විත්තිකාරයෙක් වැරදිකාරයෙක් හිර ගෙදරින්
එලියට ඇවිල්ල ඉස්පිරිතාලෙට යනකොට මාධ්‍යයකට කතා කිරීමේ අයිතිය අනිත්
සිරකරුවොන්ටත් තියෙනවද? මේකට ආණ්ඩුව උත්තර දෙන්න ඕන...ෆොන්සේකාට තියෙන
අයිතිය හෙට ඉඳල අනිත් හිරකාරයන්ට දෙන්න ඕන. මාධ්‍යට කතා කරන්න.. එහෙම
නැත්නම් මේක නවත්වන්න කොන්ද පණ තියෙන්න ඕන. මට දුන්නොත් මම මේක නවත්තනවා.
මට කොන්ද පණ තියෙනවා..
ෆොන්සේකාට පුලුවන්නම් මාධ්‍යට කතා කරන්න අනිකත්
හිරකාරයෝන්ට පුළුවන් වෙන්න ඕන.. ෆොන්සේකාට තියෙනවනම් විදුලි පංකාවක්
නැත්නම් ෆෑන් එකක්, සැප පහසුකම් තියෙනවනම් අනිත් හිරකාරයන්ටත් හැමෝටම දෙන්න
ඕන, ෆෑන් එකක් ඒවගේම දෙන්න ඕන බෙඩ් ෂිට්, කොට්ට එයාට විතරක් සුපිරි වෙන්න
බැහැ.
ලංකාවේ සෑම වරදකරුවෙක් වරදකරුවෙක්. පිලේ හිටියෙත් වෙලේ හිටියත් අගුවේ
හිටියත් මහා මන්දිරේ හිටියත් හිරගේවල්ක් වල ෆයිව් ස්ටාර් නැහැ .මම
කරුණාකරලා ආණ්ඩුවට කියනවා මේ ක්‍රමය වෙනස් කරන්න බැරිනම් එකත් බාර දෙන්න
මට. එකත් මන් ඕනනම් වෙනස් කරලා දෙන්නම්.
එහි වීඩියෝව
මෙහිදී අප මර්වින් සිල්වා අමාත්‍යවරයාට මතක කර දිය යුත්තේ යුධ හමුදාවේ සේවයේ නිරතව සිටියදී 2006 අප්‍රේල් මස 25 වන දින සරත් ෆොන්සේකා මහතා මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකට ලක්වීමෙන් පසු එතුමාගේ කුඩා බඩවැලේ අඩි 8 ක් පමණ කොටසක් ඉවත් කොට ඇති බවත් මහ බඩවැල බරපතල ලෙස තුවාල වී ඇති බවත් අක්‌මාවේ භාගයක් කපා ඉවත් කොට ඇති බවත් ඊට අමතරව ශරීරයේ අභ්‍යන්තරයේ යකඩ බෝල හා විශාල උණ්‌ඩ ප්‍රමාණයක් ඇති බවත්ය.
එම තත්වය යටතේ සරත් ෆොන්සේකා මහතාට අවශ්‍ය පහසුකම් ලබාදුන්නේ විශේෂ වරප්‍රසාදයකින් නොව අධිකරණය මගින් කල නියෝග වලට අනුවය.
