මීගමුවේ පොළවල් ටෙන්ඩර් නොදා හිතවතුන්ටම ලබා දෙයි

පුංචි රෝමයේ ප්‍රජාතන්ත්‍රවාදය සීසර් අහෝසි කරයි

මීගමුව ආසනයේ පවත්වාගෙන යනු ලබන පොළවල් විශාල ප්‍රමාණයක් තිබුවද මෙම පොළවල් සියල්ලම නිත්‍යානුකූල ළෙස ටෙන්ඩර් කැඳවීමක් නොකර නගරසභාවේ විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද විරෝධය නොතකා බළෙන් සම්මත කර ගන්නා ලද පණතක් උපයෝගී කරගනිමින් මෙවරද හිතවතුන් වෙත ලබා දී ඇති බව වාර්ථාවේ.

හිටපු නගරාධිපතිවරයෙකු වූ නිමල් ලාන්සා මහතාගේ කාලයේ පටන්ම මෙළෙස ටෙන්ඩර් කැඳවීමකින් තොරව සිය නෑදැයින් හට මෙම පොළවල් සියල්ල පවරා තිබූ අතර පසුගිය වසර කිහිපය පුරාමද මෙළෙස හිතුවක්කාර හා නීති විරෝධී ළෙස ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මංකොල්ල කාගෙන තිබුණි.


පසුගිය මස 24 දා නැවතත් එම මංකොල්ලයම කරමින් 2011 මීගමුව නත්තල් පොළ, පදික වේදිකා බදු දීම ඇතුළු 2012 වසර සඳහා අනෙකුත් පොළවල් බදු දීම සඳහා ටෙන්ඩර් කැදීවීම අනුමත කර ගැනීම සඳහා මීගමුව නගරාධිපති වරයා වන ඇන්ටන් ජයවීර මහතා විසින් මහ කාරක සභා රැස්වීමක් කැඳවා තිබුණි, මෙම රැස්වීම් ශාලාවට පිටත 20ක් 30ක් පමණ වූ පොලිස් නිළධාරීන් පිරිසක් රඳවා තබා තිබූ අතර තවත් විශාල පිරිසක් එලිමහනේ සිටිනු දක්නට ලැබීය. මෙහිදී විශේෂ අවධානයක් යොමුව තිබුනේ මේ වසර නත්තල් පොල සඳහා පදික වේදිකා බදු දීමේ ටෙන්ඩරය සම්බන්ධවයි.

එහිදී ඉදිරිපත් කර තිබූ ටෙන්ඩර් පත් දෙකක් අතරින් වැඩිම මිලක් සහිත ටෙන්ඩරය සඳහා අනුමැතිය ලබාදීම සිදුකළ යුතුව තිබුණි. නමුත් මෙහිදී උපක්‍රමශීලී වූ නගරාධිපතිවරයා උදෑසන 10.00 ආරම්භ කිරීමට නියමිතව තිබූ රැස්වීම හරියටම 10.00 ට ආරම්භකර, තමන්ට හිතවත් මන්ත්‍රී පිරිසක් පමණක් සහභාගී කර ගෙන විපක්ෂයේ හා සිය පක්ෂයේම අනෙකුත් මන්ත්‍රීන්ගේ විරෝධයද නොතකා කටයුතු කර ඇති නගරාධිපතිවරයා මෙවර නත්තල් පොළ අදාල ටෙන්ඩර් කරුවන්ට ලබා නොදීමට තීරණය කර ඇති බවත්, එය නගරසභාව මගින් වෙළෙඳුන් සඳහා බදු දීමට තීරණය කරන බවත් සෙසු ටෙන්ඩර් සඳහා අලූතින් ටෙන්ඩර් කරුවන් බඳවා නොගෙන කලින් මෙම ටෙන්ඩරය ලබා දී තිබූ අයටම 10% ක් වැඩිකර නැවතත් ටෙන්ඩර් බාර දෙන බවත් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මන්ත්‍රීවරුන්ට විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමට අවස්තාවක් නොතබාම විනාඩි 10 ක් ඇතුළත, එනම් 10.10ට සභාවේ වැඩකටයුතු කඩිමුඩියේ නිමා කොට ඇත. මේ අවස්ථාව නැරඹීමට මහජනතාවට ඉඩකඩ නොදී මහ නගර සබාවේ තෙවන මහලේ ස්ථාපිත කර තිබූ මහජන ගැලරියද වසා දමා තිබුණි. මෙම යෝජනාවට විරුද්ධත්වය පෑමට සූදානමින් සිටි ආණ්ඩුවේ සහ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුටම රැස්වීම් ශාලාවට ඇතුල් වීමට ඉඩ නොදී පොලිසිය හා වෙනත් පිරිස් විසින් රැස්වීම නිමාවන තෙක් ඔවුන්ට මග අවුරා දමා තිබුණි.

නගරසභාව බලහත්කාරයෙන් අනුමත කර ගනිමින් ගන්නා ලද තීන්දුව අනුව මීගමුව වෙරළ උද්‍යානය (බීච්පාක්) නැවතත් නිමල් ලාන්සාගේ පියාටද, අනිකුත් පොළවල් නිමල් ලාන්සාගේ සොහොයුරාවන දයාන් ලාන්සා ඇතුළු හිතතුන් කිහිප දෙනෙකුටමද නැවතත් අත්පත් වූ බව දැනගන්නට ලැබේ.


මේ පිලිබඳ අදහස් දක්වන මිගමුව නාගරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන සහ මිගමුව නාගරික මන්ත්‍රී බන්දුල නාඔටුන්න


Related Posts Plugin for WordPress, Blogger...