උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගතයි!
Monday, December 26, 2011
10:51 am
දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් වල ගැටළුවක් තියෙනවා - එස්.බීඋසස්පෙළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගයන්ගේ වැරද්දක් නොමැති බවත් නමුත් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ගැටළුවක් සිදුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මිට සුලුවෙලාවකට ප්‍රථම මාධ්‍යට ප්‍රකාශකොට ඇත
දිස්ත්‍රික් රෑන්ක් වැඩි සිසුන්ට වැඩි ඉසෙඩ් අගයක්!
2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.
ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,එම ඉසෙඩ් අගයන් එකම විභාගයක් සේ සලකා එකම ඉසෙඩ් අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.
ඒ අනුව ඔවුන් විසින් සකස් කරනලද සුත්‍රයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ප්‍රථමයෙන් එය නීතිපති වෙත යොමුකරනු ලැබුවා.නීතිපතිගේ අවසරය ලැබීමෙන් පසුවයි ඊයේ දිනයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වුයේ.
ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථානය අඩු අගයක් ගත සිසුන්ට අඩු ඉසෙඩ් ලකුනකුත් දිස්ත්‍රික්කයේ ස්ථානය වැඩි අගයක් ගත සිසුන්ට වැඩි ඉසෙඩ් අගයකුත් ලැබී තිබෙනවා.
පහත ප්‍රතිඵලවලින් එය වටහා ගත හැකයි.
පළමු ප්‍රතිඵලයේ දිස්ත්‍රික්කයේ 185 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය -.2361 ලබාගෙන තිබේ
තෙවන ප්රතිපහලයේ දිස්ත්‍රික්කයේ 112 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය 1.2555 ලබාගෙන තිබේ
ඒ අනුව මේ අතරින් වැඩිම ඉසෙඩ් අගයක් (1.9773) ලබාගෙන ඇත්තේ දිස්ත්‍රික්කයේ 280 ගත් සිසුවායි
මිට අමතරව සංයුක්ත ගණිතය විෂය ධාරාවේ දිවයිනේ 3727 ත් මාතර දිස්ත්‍රික්කයේ 169 වන ස්ථානයත් ලබා ඇති අතර දිවයිනේ 4729 ට මාතර දිස්ත්‍රික්කයේ ලැබී ඇති ස්ථානය වනුයේ 13 යි.
මෙම විභාග ප්‍රතිඵලයේ ගැටළු සහගත බවට අදාළ බලධාරීන් වහා විසදුම් ලබාදිය යුතුය.සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විභාග ප්‍රතිඵල නිකුත්කරනවා යැයි කි විභාග කොමසාරිස් මේ සම්බන්ධව පැහැදිලි කරිමක් තවම සිදුකොට නොමැත.
කෑගාල්ල දිස්ත්‍රික්කයේ අප වෙත ලැබුණු ප්‍රතිඵල සංසන්දනයක්