එප්පාවල ගසක මළ සිරුරු තුනක්

12/12/11 
තිදෙනාම ගෙල වැලලාගත් බව තහවුරු වෙයි.
එප්පාවල, කඩිගාව ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් පුද්ගලයින්ගේ මරණ ගෙල වැළලාගැනීමෙන් සිදුවූ බවට මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබේ.

11/12/11
අනුරධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේ‍ශයේ සොහොයුරියන් දෙදෙනෙකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම තරුණයා 17 හැවිරිදි එක් තරුණියක සමග නිවසින් පැනගොස් ඇති අතර එවක 15 වන වියේ පසුවූ බාලවයස්කාරියක් බැවින් තරුණයාට එරෙහිව නඩුවකද පවරා ඇත.නඩුවෙන් නිදහස් වූ පසුව එම තරුණියගේ නිවසට පැමිණි තරුණයා බලෙන්ම එහි පදිංචි වී ඇත.

මේ අතර  එම තරුණයා විසින් 17 හැවරිදි තරුණියගේ නැගණිය වන 15 හැවිරිදි තරුණිය සමගද සම්බන්ධතා පවත්වා ඇත.

මේ පිලිබඳ අදහස් දක්වන එම තරුණියන්ගේ මව අදහස් පල කරසිටින්නේ තමාගේ වැඩිමහල් දියණියට ගස් නැගීමට කිසිදු හැකියාවක් නොතිබුණු බවත් සිය දියනියන් දෙදෙනා එම තරුණයා විසින් මරා එල්ලා ඇති බවත් යනුවෙනි.

එම අවස්ථාවේදී ලබා ගත ජායාරුප පහතින් බලන්න 

ජායාරූප : භාග්‍ය වික්‍රමසිංහ

Related Posts Plugin for WordPress, Blogger...