දෙරණට කල හාර්ඩ් ටෝක් නිසා නියෝජ්‍ය ඇමතිට විනය පරීක්ෂණ!
Saturday, November 12, 2011
අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනකුට දැනුම් දී තිබෙන බවයි එහිදී වාර්තා වුනේ.
නමුත් මේ පිළිබඳව ඇමති සරත් ගුණරත්න මහතා පවසන්නේ තමා ගම්පහ දිස්ත්‍රීක්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු බවත්, තමා කිසිවිටෙක ආණ්ඩුව විවේචනය කර නොමැති බවත් තමාට එරෙහිව විනය පරීක්ෂණයක් කැදවීමට යන බවට පැතිර යන රාවයේ කිසිදු පදනමක් නොමැති බවත්ය.
දෙරණ හාඩ් ටෝක් නම් වැඩසටහන සමඟ පැවති සාකච්ජාවේදී එතුමා පල කළ අදහස් මෙසේයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ මේ වනවිට අර්බුධයක් නිර්මාණය වෙලා තියනවද?
ජනතාව මේ වෙලාවේ යම් යම් දේවල් පිළිබඳව විමසිලි වශයෙන් බලාගන සිටිනවා සමහර ප්‍රශ්න තේරුම් ගන්න බැරුව
ඔබතුමා හා බැසිල් රාජපක්ෂ මැතිතුමා අතර පසුගිය කාලයේ ගැටුම් ඇතිවුනාද?
මම එතුමත් එක්ක විවෘතව සමහර අවස්ථා වලදී වාදයක් විදිහට පවා මම සාකච්ජා කරලා තියනවා. ඒක දේශපාලන වශයෙන්, එතුමත් එක්ක තරහකට නෙවෙයි, යම් යම් දේවල් නිවැරදි කරගැනීමේ අටියෙන් යම් කිසි අවස්ථාවල සාකච්ජා කරලා තියනවා
නිමල් ලංසා මහතාගේ ගෙදරට එස්ටීඑෆ් එක යැව්වේ ඔබතුමාගේ උවමනාවටද?
මේ වගේ දෙයක් මට කරන්න පුළුවන් නම් මම ගෝඨාභය මැතිතුමාටත් වඩා ඉහල පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියනවා ජනාධිපතිතුමාත් ඇවිල්ලා මේ වගේ ප්‍රශ්නෙකදී මේක වලක්වපුවහම ඉදිරියේදී මීගමුවේ යම් ක්‍රියාකාරී දේශපාලඥයෝ කරන යම් විදිහක වැරදි ක්‍රියා වලට කොහොමද නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා.
ඔබතුමා මේ වැටලීම අනුමත කරනවාද?
මීගමුවේ යම් යම් දේශපාලඥයින්ගේ නම් පාවිච්චි කරලා අද කරන වංචා, දූෂන, කප්පම් ගැනීම් මම කියන්නේ නතර කරන්න ඕනේ කියලා. ඒකට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මම දන්නේ නෑ මේක මොන හේතුවක් උඩ අවද කියලා.
භාරත ඝාතනයත් සමඟ නීතියේ ආධිපත්‍ය බිඳවැටිලා කියලා ඔබතුමා හිතන්නේ නැද්ද?
පාතාල වේවා, කුඩු වේවා වෙනත් කප්පම් වේවා මේ වගේ ව්‍යාපාර තුලට ඉතාම ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළේ නැත්නම් මම දක්කිනවා අද වෙනකොට ජනතාව පාරට බැහැලා නීතිය අතට ගන්න තත්ත්වයක් උදා වෙලා තියනවා. ඒක ඉතාම නරකයි.
භාරතගේ පවුලේ අය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්න රජය මේ තරම් ප්‍රමාද ඇයි?
මක පිටිපස්සේ පාතාලය හා කුඩු කියන වචනය මේවා වෙද්දි, මම හිතනවා මේකට ඉතා ඉක්මනින් නිවැරදි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළයුතුයි කියලා මගෙත් ලොකු අදහසක් තියනවා
විපක්ෂය චෝදනා කරනවා ආණ්ඩුව බලයෙන් මත්වෙලා කියලා
කඩුවක් අතට දෙනකොට ඒ කඩුව ප්‍රමාණයට වැඩිය බලයක් සහිතව කඩුව දෙන්න හොඳ නෑ. ඒකෙන් කපන්න ගත්තොත් ඒක විශාල වෙනවා
ඇතැම් සිද්ධීන් නිසා කලකිරීමට පත්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වෙනුවෙන් රජය වහාම කළ යුත්තේ කුමක්ද?
මම දකිනවා පක්ෂය තුළ පපුවවල් ඇතුලට තද කරගන ඉන්න ඉතා විශාල පිරිසක් ඉන්නවා කියලා යම් යම් වේදනා කියාගන්න බැරුව. ඒ කාළේ මට සිද්ධ වුනේ හිර ගෙදරට යන්න හෝ වේවා, මට යම් කිසි අවස්ථාවක තුවක්කු දේශපාලනේට යන්න සිද්ධ වුනා එක්තරා කාලෙක, ඒ එක්සත් ජාතික පක්ෂයෙන් වෙච්ච මැර ක්‍රියා නිසා. මම ද දකින්නේ මේ මනාප ක්‍රමය නිසා මේ මුදල ඉස්මතුවෙලා මේ මුදල මත අපේ අපේ අය අතර මිනී මරාගන්න එක දැනටත් පත්වෙලා තියනවා. ඉතා ඉක්මනින් මේක විසඳලා ආසන මනාප ක්‍රමයක් හා කේවල මනාප ක්‍රමයක් ඇතිකළ යුතුයි කියලා.
එම සාකච්ජාව සහිත වීඩියෝව පහතින්.
