දුෂණයට එරෙහිව ඉන්දියානු නිරුපිකාවක් නිරුවත් වීමට සැරසෙයි

පසුගිය ලෝක කුසලාන තරඟාවලිය සමයේදී ඉන්දියාව දිනුවොත් තමා නිරුවත් වන බව පවසමින් ඉන්දියානු නිරුපිකාවක් වන පුනම් පාන්ඩේ අභියෝග කලාය.

එම අභියෝගයෙන් ලොව පුරා පුනම් පාන්ඩේ ප්‍රසිද්ධියට පත් වෙද්දී,ලෝක කුසලානය ඉන්දියාවට හිමි වූ පසු පුනම් තමන්ගේ පොරොන්දුව කඩ කරමින් කියා සිටියේ තමන් එවැන්නක් කියා සිටියේ ඉන්දියානු ක්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා පමණක් වන බවයි.

මෙම නිරුවත් වීමේ උන්මාදය නැවතත් කතාබහට ලක්වන්නේ මේ දිනවල දුෂණයට එරෙහිව ඉන්දියාවේ උපවාසයක නිරතව සිටින අන්නා හසාරේ ගේ ඉල්ලීම ඉටු කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලමින් එසේ නොකොළොත් නිරුවත් රංගනයක යෙදෙන බවට ඉන්දියානු නිරුපිකාවක වන සැලිනා වැලි ඛාන් ප්‍රකාශ කර සිටීමත් සමගයි.

අන්නා හසාර් ඉන්දීය රජයෙන් "ජාන් ලොකාපල්" කෙටුම්පත සම්මත කරනමෙන් ඉන්දීය රජයට බලකරමින් මෙම උපවාසයේ නිරතව සිටිනවා.

තමාගේ නිරුවත් වීමේ අභියෝගය ගැන සැලිනා කියා සිටින්නී මෙවැන්නක්.

"මම ඔය අනිත් අය වගේ නෙවෙයි.ප්‍රසිද්ධියට මම නිරුවත් වෙනවා කියල බොරුවට කියන්නේ නෑ.මේක පොදු ජනයා උදෙසා ගත්ත තීරණයක්.

අන්නා හසාන් කියන්නේ පොදු ජනයා උදෙසා සටන් කරන ශ්‍රේෂ්ඨ මිනිසෙක්.එතුමාගේ සටනට මමත් සහයෝගය දෙනවා.

මොකද මටත් මේ රටේ දුෂණයට මුහුණ දෙන්න වුන නිසයි.දිල්ලි පොලිසියේ මම සඳහන් කල පැමිණිල්ලක් ඔවුන් බාර ගත්තේ නෑ.ඒ මේ රටේ තියන දුෂණකාරි වාතාවරණය නිසයි".

ඉන්දියාව දිනුවොත් - නිරූපිකාවක් නිරුවත්!

ඉන්දියාව දිනුවේ පුනම් පාන්ඩේ නිසාලු

Related Posts Plugin for WordPress, Blogger...