කෙන්යාවේ නයිරෝබි නුවර ශ්‍රී ලංකාවේ 63 වෙනි නිදහස් දින සැමරුම
Friday, February 18, 2011නැගෙනහිර අප්‍රිකාවේ සුන්දර රටක් වන කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති නිලනිවසේ පැවති ශ්‍රී ලංකාවේ 63 වැනි නිදහස් දින සැමරුම හා සම්බන්ඳ ඡායාරූප එකතුවක් එහි සිටින අප මිතුරෙකු විසින් එවා තිබුනා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූප එකතුවයි.
කෙන්යාවේ තානාපති ජයන්ත දිසානයක මැතිතුමා සහ දායානි දිසානායක මැතිනිය පෙරටුකොට තානාපති කාර්යාල සෙවක මඩුල්ල විසින් මෙම නිදහස් දින සැමරුම සංවිධානය කොට තිබුනා.
මෙදින කෙන්යාවේ නිවාඩුදිනයක් නොවුනද මෙහි සිටින සියලුම ශ්‍රි ලාංකිකයන්ගේ සහභාගීත්වය දක්නටලැබුනා. තානාපති කර්යාල අරංචි මාර්ග අනුව කෙන්යාවේ සිටින්නේ 200කට අඩු ශ්‍රී ලාංකික පිරිසක්.
මෙහිදී විශේෂයෙන් කිවයුතු කරුනු නම් කෙන්යා වේ ශ්‍රී ලංකා තානාපති කර්යාලය විසින් කරනු ලබන සේවයයි. අප රටේ නාවිකයන් ධීවරයන් නිරන්තරයෙන් සෝමාලියානු මුහුදු කොල්ල කරුවන්ගේ ග්‍රහනයට අසුවීම් අපිට නිරන්තරයෙන් අසීමට ලැබෙනවා. ඔවුන් බේරාගැනිමෙදී විශාල කර්යභාර්යක් මෙම තානාපති කාර්යාලය විසින් කරනු ලබනවා.
කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සිමා රහිත සෘජු ගුවන් ගමන් සඳහා ද්විපාර්ශවික සේවා ගිවිසුමක් ශ්‍රී ලංකා තානාපති ජයන්ත් දිසානායක මහතා සහ කෙන්යාවේ ප්‍රවාහන ඇමති Amos Kimunya සමග පසුගිය ජනවාරිමස අත්සන් කරනු ලබීමත් විශේෂයක්. දැන් ශ්‍රී ලාංකීය ගුවන් සේවා සඳහා නැගෙනහිර අප්‍රිකාවට පිවිසීමේ දොරටුවක් වශයෙන් කෙන්යාව භාවිතා කල හැකිවේ. මීට පෙර අපරට වැසියෙකුට නැගෙනහිර අප්‍රිකාවට පැමිනිමට නම් ඩුබායි සහජා හෝ කටාර් හරහා ගමන් කිරීමට සිදුවිය.

