ලසිත් මාලිංග ටෙස්ට් පිටියට සමු දෙයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ලසිත් මාලිංග තමා ටෙස්ට් ක්‍රිකට් තරග වලින් සමු ගන්න බව නිවේදනය කොට ඇත.
ටෙස්ට් පිටියෙන් සමු ගත්තත් විස්සයි විස්ස හා එක්දින තරග සදහා දිගටම ක්‍රීඩා කරන බව ලසිත් මාලිංග ප්‍රකාශ කොට ඇත. 

ලසිත් මාලිංගගේ මෙම හදිසි සමු ගැනීමට හේතු වුයේ ඔහු මෙයට වසර කීපයකට පෙර පාදයේ ආබාධයකට ලක් වීමයි.


එම ආබාධයට ලක්වූ අවස්ථාවේ ඔස්ට්‍රේල්යානු විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් යංග් ඇතුළු වෛද්‍යවරුන්ඔහුට උපදෙස් දී ඇත්තේ පාදයේ අබාධය සුව කල නොහැකි බවත් ඉදිරියේදී ක්‍රීඩා කිරීමට වලකින ලෙසත්ය.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇරයුමෙන් ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා ලසිත් මාලිංග හට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔහුගේ පාදයේ ආබාධය සුව විය.

නමුත් පාදයේ ආබාධය සුවවීමෙන් පසුව ටෙස්ට් තරග වලදී දිගින් දිගට මහන්සි වීම ඔහුගේ සෞඛ්‍යඅහිතකර වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති ක්‍රීඩා විචාරකයෝ පවසයි. 

Download Article

Related Posts Plugin for WordPress, Blogger...